බොහොමයක් දරුවන් මෙම රෝගී තත්වයට මුහුණ දේ. නමුත් තරුණ අයට මෙන්ම වැඩිහිටි පුද්ගලයන්ට පවා මෙය වැලදිය හැක.
-අතේ කකුලේ කටේ හා කුඩා දරුවන්ගේ තට්ටම ආශි‍්‍රතව ඉතා කුඩා බිබිලි පොකුරු වශයෙන් ඇතිවීම
-ඒවා එඹුව විට කැක්කුම ඇති වීම
-උන ඇතිවීම හා සෙම්ප්‍රතිශ්‍යාව මෙන් රෝග ලක්ෂණ ඇතිවීම
-කටේ, උගුරේ මෙන්ම දිවේ තුවාල ඇතිවීම හා ඒවා කැක්කුමෙන් යුතු වීම
-කෑම ප්රියතාව අඩුවීම (කටේ ඇතිවන තුවාල වල කැක්කුම නිසා කුඩා දරුවන් ආහාර ගැනීම ප්‍රතික්ෂේප කිරීම මෙම රෝගී තත්වයේදී දෙමව්පියන්ට ඇතිවන ප්‍රධාන ගැටලුවකි)
මෙය එක් පුද්ගලයෙකුගෙන් තව පුද්ගලයෙකුට බෝ වේ. එහිදී ඇතිවන බිබිලි පුපුරා යාමෙන් ඇතිවන ස්රාවයන් තැවරීමෙන් , නාසයෙන් ගලන දියර තැවරීමෙන් ,කාරා ඉවත දමන කෙල හා සෙම ඇගේ ගැටීමෙන් මෙන්ම එවැනි රෝගියෙකුගේ අසූචි මගින්ද තවකෙකුට පැතිරිය හැක
රෝගය ආසාදනය වී මුල් සතියෙදී මෙසේ රෝගය තවකෙනෙකුට පැතිරීමේ අවධානම ඉතා වැඩිය
සාමාන්‍යයෙන් පායන කාලයේදී මෙන්ම වැස්ස පටන් ගන්නා කාල රාමු තුලදී මෙය බහුලව දැකිය හැකි රෝගී තත්වයකි
මේ සදහා විශේෂ වූ පරීක්ෂණ නොමැත. මෙම රෝගී තත්යේදී ඇතිවන බිබිලිවල ස්වභාවය හා අනෙකුත් රෝග ලක්ෂණ මගින් වෛද්‍යවරයා රෝග නිගමනයකට පැමිනේ
සෑමවිටම සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබාගත යුතුවේ
මේ සදහා වූ නිෂ්චිත ප්රථිකාරයක් නොමැත
උන පාලනය කිරීමට පැරසිටමොල් වැනි ඹෟෂධයක් ලබා දේ
මීට අමතරව ලුණු වතුරෙන් කට සේදීමට උපදෙස් දෙනු ඇත
වැඩිපුර දියර පානයකල යුතුවේ
දරුවන්ට දොඩම් වැනි දේ දීමෙන් වැලකිය යුතුය ඊට හේතුවන්නේ එහි ඇති ඇසිඩ් මගින් කටේ තුවාලවල කැක්කුම වැඩිකරයි
මද පමණට සිසිල්කරන ලද කිරි ආහාර වඩාත් යෝග්‍යවේ. එමගින් කටේ තුවාලවල කැක්කුම සමනය කරයි
සාමාන්‍යයෙන් සතියක පමණ කාලයකින් සාමාන්‍ය තත්වයට පත්වේ
උන අඩු නොවීම හා වලිප්පුව ඇති වීම
ගෙල ප්‍රදේශයේ හා අතේ පයේ කැක්කුම ඇතිවීම
මූත්‍රා තද පැහැයක් ගැනීම හා යන ප්‍රමාණය අඩුවීම