ශරීරයේ සෛල අතර තරලමය කොටසක් ඇත. මෙම තරලය සෑදෙන්නේ රුධිර වාහිනි කෙලවර ඇති කුඩාම ප්‍රදේශය වන කේශ නාලිකා වල බිත්තියේ ඇති සිදුරු හරහා සෛල වලට අවශ්‍ය පෝෂ්‍ය ගුණය පිරුණු රුධිරමය කොටසක් (රුධිර සෛල නොමැතිව) පෙරීමෙනි. මෙය දවස පුරා අඛන්ඩව සිදුවේ. මෙසේ සෛල අතර එකතු වන තරලය නැවත රුධිර වාහිනී කරා ගෙනයාමට ඉතාම කුඩා වාහිනී පද්ධතියක් ඇත. එය වසාපද්ධතිය යනුවෙන් හැදින්වේ.
මෙම වසාවාහිනී ජාලයක් එකතුවන තැන පෙරනයක් ආකාරයට පිහිටා ඇති ගැටවැනි යමක් කුද්දැටි යනුවෙන් අදහස් කෙරේ. මෙහිදී වසාපද්ධතිය හරහා යන තරලය මෙම ගැටහරහාම යායුතු වේ.
රුධිරයේ සෛල අතරට විෂබීජ, ශරීරයට ආගන්තුක ද්‍රව්‍ය හෝ සෛල වලින් ගැලවියන කොටස් එකතු වියහැක. මේවා සෛල අතර ඇති තරලයට එකතු විමෙන් වසාපද්ධතිය හරහා රුධිරයට එකතු වී ශරීරය පුරා පැතිරීමේ අවධානමක් ඇත.
නමුත් මෙම තරලය අනිවාර්යෙන් කුද්දැටි හරහා යායුතු නිසා, එහි ඇති නොයෙකුත් සෛල මගින් එම තරලය පෙරීමක් සිදුකර අනවශ්‍ය ද්‍රව්‍ය රුධිරයට එකතුවීම වලකයි. එමගින් ශරීරය පුරා පැතිරි ව්‍යාකුලතා ඇතිවීම වලකයි.
- ගෙල ප්‍රදේශයේ හා හනු ප්‍රදේශවල
- කිහිල්ල
- ඉකිලිප්රදේශයේ
මෙම ස්ථාන වල කුද්දැටි විශාල වූවිට අතට අසුවනමුත් ශරීරයේ ඇතුලත (පපු කුහරය, උදරය) ඇති කුද්දැටි අතට අසුවන්නේ නැත.
සාමාන්‍ය තත්ව යටතේදී ඒවා අතට අසු නොවේ. නමුත් යම් හෙයකින් ඒවා විශාල වුවහොත් අතට අසුවේ. විශේෂයෙන් ගෙල, කිහිල්ල හා ඉකිලි ප්‍රදේශවල
මෙසේ කුද්දැටි විශාල වීමක් ඇති සෑමවිටම වෛද්‍යවරයෙකුගේ උපදෙස් ගැනීම අනිවාර්යයෙන් කල යුතුය. ඊටහේතුව ඉහත සදහන් කල ආකාරයේ හේතු ගණනාවක් නිසා කුද්දැටි විශාලවීම විය හැකි නිසාවෙනි.
රෝග ඉතිහාසය පරීක්ෂාකර බලා අවශ්‍යනම්
- රුධිර පරීක්ෂණ
- ස්කෑන් පරීක්ෂණ
- FNAC පරීක්ෂණ
හෝ කුද්දැටියක් කුඩා ශල්‍යකර්මයකින් ඉවත්කොට පරීක්ෂාවට ලක් කිරීම කරනු ඇත.
බොහෝමයක් අවස්ථාවලදී කුද්දැටි විශාල වීම සිදුවන්නේ විෂබීජ තත්ව නිසා, අවශ්‍ය ඖෂධ ලබාදී නැවත නැවත පරීක්ෂාකර බලනු ඇත. ඉන් පසු එම කුද්දැටිවල ස්වභාවය අනුව ඉදිරි පියවර ගනු ලැබේ.