එහි උස වෙනස්කල හැකි වීම.
අත් තබා ගත හැකි ඇන්දක් තිබීම.
ඉන ප‍්‍රදේශයෙන් පහල කොටසට පිටපත්ත ආධාරකයක් වීම.
එහි වාඩි වූ විට දනිසේ පිටුපස කොටස හා වාඩිවන කොටසේ ඉදිරි දාරය අතර පරතරය අගල් කිහිපයක් විය යුතුය.
උකුල් හන්දිය දනිස් හන්දියට මදක් ඉහල තලයක තිබිය යුතු අතර කකුලේ යටි පතුල් බිම ගෑවී තිබිය යුතුය.
කකුලේ යටි පතුල් එකදිගටම බිමට සමාන්තරව බිම ගෑවෙනසේ නොතබා විවිධ ඉරියව් වලට මාරුකල යුතුය.
නමුත් කකුල් කතිරයක ආකාරයට නොතැබිය යුතුය.
පිටපත්තට මදක් හේත්තුවීමෙන් උකුල් හන්දියට ඇතිකරන තෙරපුම මදවශයෙන් අඩුවේ.
මෙහිදී අඩුම තරමේ අංශක 105- 120 අතර ආනතියක් තිබිය යුතුය.
හිස මදක් ඔසවා නිකට පොලවට සමාන්තර තලයක තබා ගැනීමෙන් බෙල්ලට ඇතිවන බලපෑම අවමවේ.
අත්වල උරස් හන්දියට වන බලපෑම අවම කිරීමට බාහු දෙක උරස් හන්දියේ සිට නිදහසේ එල්ලීමට හැකි වනසේ තැබිය යුතු අතර මේසදහා පුටුවේ අත් තබා ගැනීමට ඇති ඇන්ද මෙන්ම කී බෝඩ් එක අත් ඇන්දට සමාන්තර තලයක තිබීම එය පහසුකරවනු ඇත.
එක දිගට එකම ආකාරයෙන් නොසිට පැයකට අඩුම තරමේ විනාඩි 10ක් පමණ විවේකගැනීමත් එම කාලය තුලදී ඇගමැලි කැඩීමත් කලයුතුය. එවිට එකම ආකාරයකට තිබූ මාංශපේශී හා හන්දී හොදින් ඇදීම සිදුවන අතර හොදින් රුධිර සැපයුමකටද අවකාශ ලබා දේ.
මීට අමතරව වාඩිවී සිටින විට නිතර නිතර ඉරියව් සුලු වශයෙන් වෙනස් කල යුතුවේ.
කාර්යාලයේදී ඔබට දීර්ඝ වේලාවක් කොම්පියුටරය ඉදිරියේ වාඩිවී වැඩකිරීමට සිදුව ඇත්නම් නිවැරදිව වාඩිවීමේ ඉරියව් නොපිලිපැදීම කොන්දේ අමාරුව වැඩිපුර ඇතිවීමේ අවධානම වැඩිකරයි.
ඉහත දක්වා ඇති ඉරියව් භාවිතා කිරීම දීර්ඝ වේලාවක් වාඩිවී සිටීම නිසා ඇතිවිය හැකි කොන්දේ අමාරු අවම කරයි.
මේ සදහා පහසුකම් සලස්වාගැනීම හා සිදුකිරීම මුල් අවස්ථාවේදී මදක් අපහසු කටයුත්තක් වූවද කාලයත් සමග හුරුවීමෙන් ඔබට යහපත් ප‍්‍රතිඵල ගෙන දෙනු ඇත.
Article uploaded on 10/12/2013