මෙහිදී සිදුවන්නේ මොලයට හා ස්නායුවලට හානි වීමේ ප්‍රථිපලයක් ලෙස අත් පා පණ නැතිව යාම, ඇසීම අඩුවීම හෝ නැතිව යාම පෙනීමේ ඇතිවන දෝෂ, යමක් ඉගෙනීමට නොහැකිවීම හා සිතාමතා යමක් කල නොහැකිවීම.
මෙය මොලය වර්ධනය වන අවස්ථාවේ වන හානියක් නිසා සිදුවිය හැක.
බොහෝවිට දරුවා ගර්භාෂයේ වර්ධනය වන අවස්ථාවේ සිට ඉපදී අවුරුදු කිහිපයක් යන තුරු මෙවැනි තත්ව ඇතිවීමේ අවධානමක් ඇත.
මොලයට ලැබිය යුතු ඔක්සිජන් ප්‍රමාණය නිසි පරිදි නොලැබී යාම (විශේෂයෙන් දරු උපතේදී ඇතිවන ව්‍යාකූලතා මෙන්ම ගර්භාෂය තුලදී ඇතිවන ව්‍යාකූලතා මේ අතරින් ප්රධානවේ.)
මොලයට විෂබීජ ඇතුලු වීම
මොලයට සිදුවන හදිසි අනතුරු
ගැබ්ගෙන ඇතිකාලයේදී මවට වැලදෙන රෝගී තත්වයන් ( රුබෙල්ලා මේ අතරින් ප්‍රධාන වේ.)
ඉපදුනු පසු රුධිරයේ ඇති බිලිරුබීන් (Bilirubin) ප්‍රමාණය අධික ලෙස ඉහල යාම. (මෙහිදී දරුවා කහ පැහැති වන අතර එම තත්වය Jaundice ( ජෝන්ඩිස් )තත්වයක් ලෙස හැදින්වේ.
සමහර අවස්ථාවලදී මෙම තත්වය ඇතිවීමට විශේෂිත තත්වයක් සොයාගැනීමට අපහසුවේ.
රෝග ලක්ෂණ ඇතිවීම මොලයේ හා ස්නායුවලට හානිවී ඇති ප්‍රමාණය මත තීරණයවේ.
එබැවින් එක් එක් අයගේ රෝග ලක්ෂණ විවිධාකාරවේ.
සාමාන්‍යයෙන් රෝග ලක්ෂණ නිරීක්ෂණය වන්නේ දරුවාට වයස මාස 3ක් පමණවු විටවේ.
ඊට හේතුවන්නේ දරුවාගේ ක්‍රියාකාරකම් බොහොමයක් පටන් ගැනීම සිදුවන්නේ මේ වකවානුව තුල වීමයි.
දැකිය හැකි ප්‍රධාන ලක්ෂණ පහත දැක්වේ.
මාංශ පේශී තදගතියකින් යුක්ත වීමත් කාලය සමග එහි තදබව වැඩිවීම මේ හේතුව නිසා අත් පා අවශ්‍ය පරිදි චලනය කල නොහැකි වීම.
ඇවිදීමේ ඇති අපහසු බව මෙහිදී අත් ශරීරය දෙසට තදවී තිබීම කකුල් දෙක එකිනෙකට ලංවී තිබීම දැකිය හැක.
අත් හා පා වල හන්දි නැමිය නොහැකි ලෙස තද වී තිබීම
සමහර අවස්ථාවලදී මාංශ පේශීවල පන නැති බව
මීට අමතරව සමහර ලමුන්ගේ අත් පා එක් එක් දිශාවලට ඉබේම චලනය වීමත් එම තත්වය යමක් කිරීමට උත්සාහ කිරීමේදී වැඩිවීමත් දැකිව හැක.
බොහෝවිට බුද්ධි මට්ටම පහල මට්ටමක පවතින අතර සමහර ලමුන්ගේ බුද්ධි මට්ටම සාමාන්‍ය ලමයෙකුගේ තත්වයටම තිබිය හැක.
ඇසීමේ හා පෙනීමේ දෝෂ තිබිය හැක.
වලිප්පු තත්වයක් ඇතිවීම ද සුලබව දැකිය හැක.
කට දෙපැත්තෙන් කෙල ගැලීම මුත්‍රා හා මලපහ නොදැනීම පිට වීමද බහුලව දැකිය හැකි තත්වයන්වේ.
සාමාන්‍යයෙන් ඇති රෝග ලක්ෂණ මගින් වෛද්‍යවරයාට නිගමනයකට එලඹීය හැක.
එහෙත් ඊට බලපා ඇති හේතුව සොයා ගැනීමට සමහර පරීක්ෂණ සිදුකරනු ලබයි.
CT පරීක්ෂණ
MRI පරීක්ෂණ
EEG පරීක්ෂණ
පෙනීම හා ඇසීම පරීක්ෂා කීරීමට කරනු ලබන පරීක්ෂණ.
මෙම තත්වය සුවකල නොහැක.
නමුත් එක් එක් දරුවාගේ ඇති වී ඇති තත්වය අනුව තනිව ජීවත් වීමට හුරුකරවීම ඇති එකම විසදුම වේ.
දරුවා ජීවත් වන වට පිටාව ආරක්ෂිත ස්ථානයක් බවට පත්කර ගැනීම
පෝෂ්‍යදායී ආහාර ලබාදීම.
රෝහලේදී කියාදුන් ආකාරයට අත පය දිග හැරීම හා ව්‍යායාම සිදුකිරීම.
තුවාල සිදුවීම වැලක්වීමට පියවර ගැනීම (විශේෂයෙන් හන්දි ආශ්‍රිතව)
තනිවම ඇවිදීමට හුරුකරවීම (මේ සදහා ඇවිදීමේ ආධාරක භාවිතා කල හැක.)
එසේ නොහැකි විට රෝද පුටුවක් බාවිතා කිරීමට හුරුකල යුතුවේ
තම ශරීර කෘත්‍යයන් තනිවම කරගැනීමට හැකි පමණ හුරුකර වීමට උත්සාහ කල යුතුවේ.
(දරුවාගේ වැඩීමත් සමග බර වැඩිවීම නිසා බොහෝවිට දෙමව් පියන්ට තනිවම දරුවා එසවීම කල නොහැකි වීම මීට බලපාන ප්‍රධානතම හේතුවවේ.)
මෙවැනි දරුවන් සදහා වූ විහේෂිත පාසැල් ඇති අතර ඒවාට දරුවා යොමුකරවීමට උත්සාහ කල යුතුවේ.
(මෙහිදී විශේෂයෙන් සැලකිය යුතුවන්නේ දරුවා බලාගන්නා පුද්ගලයාට පවුලේ සැමගේ උදව් උපකාර අවශ්‍ය අතර ඹහුගේ හෝ ඇයගේ මානසික තත්වය පිලිබදව මනා අවබෝධයක් තිබිය යුතුය.)
හන්දි ඉතාම තද ගතියක් ඇති වී ඇත්නම් ඒවා යම් තරමකට නිදහස් කිරීමට හා ආහාර ගිලීමේ අපහසු තා ඇති අවස්ථා වලදී ඒ සදහා බට දැමීමට ශල්‍යකර්ම සිදුකරනු ලබන අවස්ථා ඇත.
වැටීම නිසා තුවාල සිදුවීම
වලිප්පුව ඇති වීම
හන්දි ක්‍රමයෙන් නැවිය නොහැකි වීම
නියුමෝනියා තත්ව ඇතිවීම
මන්ද පෝෂණ තත්ව ඇතිවීම
දරුවා බලාගන්නා පුද්ගලයාගේ මානසික ආතතිය
සමාජීය වශයෙන් ඇතිවන බලපෑම
රුබෙල්ලා එන්නත ලබා ගැනීම.
ගැබ් ගෙන ඇති විට නියමාකාරව සායනවලට සහභාගී වීම.
මවගේ යම් රෝගී තත්ව ඇත්නම් එය පාලනයට නියමාකාරව ප්‍රථිකාර ගැනීම.
Article uploaded on 25/12/2013