වෛද්‍යවරයා විසින් රුධිර පීඩනය සදහන් කිරීමේදී අගයන් දෙකක් භාවිතා කරනු ලැබේ.
ඉහල(සිස්ටොලික්) හා පහල (ඩයස්ටොලික්) පීඩනයන් ලෙස ඒවා හැදින් වේ.
සිස්ටොලික් පීඩනය සාමාන්‍යයෙන් 140mmHg සිට 90 mmHg දක්වා වෙනස් විය හැකි අතර ඩයස්ටොලික් පීඩනය 90mmHg සිට 60mmHg දක්වා වෙනස් විය හැක.
අධික රුධිර පීඩනය ඇති අයෙකුගේ මෙම ඉහල අගය 140 ට වඩා වැඩිවීමක් හෝ පහල අගය 90 ට වඩා වැඩිවීමක් හෝ මෙම දෙයාකාරටම හෝ විය හැක.
අධික රුධිර පීඩනය ඇති අයෙකුගේ අරමුණ විය යුත්තේ මෙම පීඩනයන් ඉහත සදහන් කල අගයන්ට වඩා පහල අගයක පවත්තා ගැනීමයි.
සෑම විටම ඖෂධ නියමිත වේලාවන් වලදී ගත යුතුය.
ඊට හේතුව වන්නේ අදාල ඖෂධ සදහා ක්‍රියාකාරී කාලයක් ඇති බැවිනි.(උදාහරණයක් ලෙස පැය 8 කට වරක් ගත යුතු ඖෂධ පැය කිහිපයක් ප්‍රමාද වී ගැනීමෙන් අදාල ඖෂධයේ ක්‍රියාකාරීත්වය අවශ්‍ය ප්‍රමාණයට නොමැති කාල සීමාවේ දී රුධිර පීඩනය වැඩිවිය හැක.)
ඖෂධ ගැනීමේදී රුධිර පීඩනය සාමාන්‍ය අගයක පැවතිය හැක.
නමුත් කිසිම අවස්ථාවක අධික රුධිර පීඩනය සුව වූවා සේ සිතා ඖෂධ ගැනීම නැවැත්වීම නොකල යුතුය.
සෑම විටම ඖෂධ මාත්‍රාව අඩුකිරීම වෛද්‍ය උපදෙස් ඇතිව පමණක් කලයුතුය.
යම් අසනීප තත්වයකදී පවා අධික රුධිර පීඩනය සදහා භාවිතා කරන ඖෂධ වෛද්‍ය උපදෙසකින් තොරව නැවැත්වීම නොකල යුතුය.
තම ජීවිතයේ නොයෙකුත් දෛනික ක්රියාකාරීත්වයන්ගේ කරනු ලබන වෙනස්කිරීම් මගින් රුධිර පීඩනය පාලනය කිරීමට ගත යුතු ඖෂධ ප්‍රමාණය අවම කල හැක.
එමගින් ඖෂධ නිසා ඇතිවිය හැකි අතුරු ආබාධද අවමවේ.
ලුනු ආහාරයට ගන්නා ප්‍රමාණය අවම කිරීම.( දෛනිකව ගන්නා ලුනු ප්‍රමාණය 2g කටට වඩා අඩුකල යුතුය.)
තන්තු බහුල ආහාර මෙන්ම හොදින් ජලය පානය කිරීමද අධික රුධිර පීඩනය පාලනය කිරීමට වක්‍රාකාරයෙන් උපකාරීවේ.
ශරීර බර අඩුකර ගැනීම. ( මේ සදහා ආහාර ගන්නා ප්‍රමාණය පෙර ප්‍රමාණයට වඩා ක්‍රමක් ක්‍රමයෙන් අඩු කිරීම හා ව්‍යායාම කිරීම අත්‍යාවශ්‍යවේ.)
මෙහිදී එකවර ආහාර ගැනීමේ ප්‍රමාණය පමණට වඩා අඩුකිරීමෙන් උදරයේ දැවිල්ල වැනි නොයෙකුත් අපහසුතා ඇතිවිය හැක.
එබැවින් එය කල යුත්තේ ක්‍රමක් ක්‍රමයෙන් වේ. එමගින් ආහාර අඩුකිරීමෙන් ඇති විය හැකි නොයෙකුත් අපහසුතා අවම කල හැක.
දිනකට පැය භාගයක් පමණ ඇවිදීම ඇති හොදම ව්‍යායාම ක්රමයවේ. එමගින් නොයෙකුත් ව්‍යායාම කිරීමට ගොස් ඇති විය හැකි නොයෙකුත් ව්‍යාකූලතා අවම කල හැක( උදා කොන්දේ අමාරුව)
ඇවිදීම මගින් මුලු ශරීරයේම අවයව ක්‍රියාකාරීවන අතර ශරීරයේ සෑම ප්රදේශයකටම හොද රුධිර සැපයුමක් ලබා දේ. මෙය දවසේ ඕනෑම වේලාවක කල හැකි අතර මෙය මුදල් වැය නොවන සරල ක්‍රමයක්වේ.
තම මානසික ආතතිය අවම කරගැනීම රුධිර පීඩනය පාලනය කර ගැනීමට ඉවහල් වේ.
මේ සදහා තම වෘතියේ වැඩකටයුතු සැලසුමක් ඇතිව සිදුකිරීම.
එදිනෙදා වැඩ නියමිත වේලාවන්හිදී ඉවර කිරීම හා විශේෂයෙන් අපේක්ෂිත ඉලක්කයන් සපුරා ගැනීමේ වෘතිවල නියැලෙන්නන් මුල සිටම එකම ප්‍රමාණවලින් වැඩ කිරීම වැනි සරල ක්‍රම මගින් අන්තිම මොහොතේ වැඩකටයුතු ගොඩගැසීම නිසා ඇති විය හැකි අධික මානසික ආතතිය අවම කරගත හැක.
තම රැකියාව අනුව රැකියාවේ වැඩකටයුතුවලට බලපෑමක් නොවන අයුරින් මානසික ආතතිය අවම කරගත හැකි ක්‍රම තමා විසින්ම අත්හදා බැලීම කල හැක.
මීට අමතරව දෛනිකව සුලු කාලයක් භාවනාකිරීම හා යෝගී ව්‍යායාම වල නිරත වීම බොහොමයක් කායික හා මානසික රෝග පාලනයට ඉමහත් බලපෑමක් කරන බව සොයාගෙන ඇත.
පැය 7ක පමණ සුවපහසු අඛන්ඩ නින්දක් අධික රුධිර පීඩනය ඇති අයෙකුට අත්‍යාවශ්‍ය වේ.
මධ්‍යසාර භාවිතයෙන් ඈත් වීම හා දුම්පානය නැවැත්වීම ඉතාම වැදගත්වේ.
මෙය ඔබට එකවර නැවැත්වීම සමහර විට අපහසු විය හැක නමුත් ක්‍රමක් ක්‍රමයෙන් මෙය නැවැත්වීම අරමුණක් කර ගැනීමෙන් මෙය අපහසු කාර්යක් නොවනු ඇත.
මෙය ඉතාම වැදගත් වනුයේ දුම්පානය හා මධ්‍යසාර අධික රුධිර පීඩනය මෙන්ම බොහොමයක් ශරීරයේ ක්රියාකාරීත්වයන්ට ඍජුවම බලපෑම් ඇතිකරන බැවිනි.
මසකට වරක්වත් වෛද්‍යවරයෙකු වෙත යොමු වී රුධිර පීඩනය පරීක්ෂාකර ගැනීම ඉතාම යෝග්‍යවේ.
(රුධිර පීඩනය පරීක්ෂාකිරීමට නොයෙකුත් ඉලෙක්ට්‍රොනික් උපකරණ ඇතත් එවා භාවිතා කිරීමේ ක්රමයේ නොයෙකුත් ගැටලු ඇතිවිය)
අසාමාන්‍ය ලෙස ඇතිවන අධික හිසේ රුදාව
එකවර පපුවේ ඇතිවන කැක්කුම
හෘදය වස්තුවේ ස්පන්දනය දැනෙන්නට පටන් ගැනීම
හුස්ම ගැනීමේ අපහසුව
අධික ලෙස දහඩිය දැමීම හා වමනය දැමීම
හිසේ කරකැවිල්ල හා සිහි මද ගතියක් ඇති වීම
ශරීරයේ පැත්තක් පණ නැතිව යාම
එකවර ඇතිවන කථාකිරීමේ අපහසුව
Article uploaded on 23/01/2014