කනේ ඇතිවන කලාදුරු (Ear Wax)

කනේ පිටත නාලයේ ඉතා කුඩාවට ඇති කෙස්මුල් ආශ‍්‍රිතව ඇති ග‍්‍රන්ථිවලින් පිටවන ස‍්‍රාවයක් මෙලෙස හැදින්වේ.

මෙම ස‍්‍රාවය මගින් කනට දුහුවිලි ඇතුලු වීම කෘමීන් හා විෂ බීජ ඇතුලු වීම අවම කරයි.

මීට අමතරව මෙම ස‍්‍රාවයේ ඇති තෙල් වැනි ස්වභාවය නිසා පිටත කනේ වතුර රදා පැවතීම අවම කරයි.

මෙම ස‍්‍රාවය කනේ පිටත නාලය දිගේ එලියට විත් ඉබේම ක‍්‍රමයෙන් ඉවත්වීම වන අතර ඉතාම කලාතුරකින් වැඩිපුර මෙම ස‍්‍රාවයන් ඇතිවීමත් ඒවා ඝණවී කනේ පිටත නාලය අවහිර වීමත් විය හැක.

ලිපිය පළකල දිනය Article uploaded on: 07/06/2014
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු