සමහර පුද්ගලයින්ට විවිධ හේතු නිසා ඝන ආහාර මෙන්ම පානීය දේවල්ද ගිලීමේදී අපහසුතා ඇතිවිය හැක.
- ගිලින කෑම හිරවීම හා හිරවී ආපසු මුඛයට ඒම.
- වරකට ඉතා සුළු ප්‍රමාණ වලින් පමණක් ගිලීමට හැකිවීම.
- ද්‍රව ස්වභාවයෙන් පමණක් ගිලීමට හැකිවීම.
- ඝණ ආහාර ගිලිය හැකිමුත් පානීය දේ ගිලීමට නොහැකි වීම.
- කෑම ගිලීමේදී දැඩි වේදනාවක් දැනීම.
- ඉක්කා වැටීම.
වැඩිපුර දැකිය හැකි ලක්ෂණ වේ.
මුලින්ම ආහාර ගැනීමේ රටාවේ යම් යම් වෙනස් කිරීම් කල යුතුය.
එම වෙනස් කිරීම් පහත ආකාරයෙන් දැක්විය හැක.
- ඉක්මනින් ආහාර ගැනීමෙන් වැලකීම.
- ආහාර හොඳට හැපීමෙන් පසු ගිලීම.
- ආහාර ගන්නා විට පිට කොන්ද කෙලින් තියාගෙන ආහාර ගැනීම.
- ඝන ආහාර හා පානීය දේ එකවර මුඛයට ගැනීමෙන් වැලකීම.
- ආහාර ගැනීමෙන් පසු විනාඩි 20-15 ඇවිඳීම.
- ආහාර ගන්නා වේලාවේදී කථා කිරීමෙන් වැලකීම.