ක්‍ෂය රෝගය ඇති කරන්නේ බැක්ටීරියා වර්ගයකිනි. මෙම බැක්ටීරියාවේ ඇති විශේෂ ලක්‍ෂණයක් වනුයේ එය ශරීරයේ සමහර සෛල ඇතුලට ගොස් එහි ජීවත් වීමයි. එබැවින් ඖෂධ වලින් ප‍්‍රථිකාර කිරීමේදී එම ඖෂධ අදාල බැක්ටීරියාව වෙත ලඟාවීමට දීර්ඝ කාලයක් ප‍්‍රථිකාර කල යුතුවේ.
- ශරීරයට ඇතුළු වූ බැක්ටීරියාව ක‍්‍රියාකාරීව හෝ නිද්‍රාගතව සිටිය හැක.
- ක‍්‍රියාකාරී අවස්ථාවේදී ශරීරයට විවිධාකාර බලපෑම් ඇතිකරන අතර නිද්‍රාගත අවස්ථාවේ එසේ සැලකිය යුතු බලපෑමක් සිදුකරන්නේ නැත. එබැවින් එවැනි රෝගීන් හදුනාගැනීම ද අපහසුවේ.
බැක්ටීරියාව ක‍්‍රියාකාරී අවස්ථාවේ ඇති රෝගියෙකු කහින විට පිටවන කෙළ බිඳිති වලින් කෙලින්ම තවකෙනෙකුගේ ස්වසන මාර්ගයට ඇතුළු විය හැක. නමුත් බැක්ටීරියාව නිද්‍රාගතව සිටින රෝගියෙකුගේ මෙන්ම මූලික ප‍්‍රථිකාර කාලසීමාව නිමවා සිටින රෝගියෙකුගෙන් එසේ රෝගය බෝ වන්නේ නැත.
බැක්ටීරියාව ක‍්‍රියාකාරීව ඇති රෝගීන්ගේ බොහෝ විට රෝග ලක්‍ෂණ ඇතිවේ.
- දීර්ඝ කාලීනව තිබෙන කැස්ස
- ශරීරය කෙට්ටුවීම හා බර අඩුවීම.
- ආහාර වලට ප‍්‍රියතාවය අඩුවීම.
- රාත‍්‍රියේදී ඇතිවන මද උණ ගතිය හා දහඩිය දැමීම.
ශරීරයේ ප‍්‍රතිශක්තියෙහි යම් දුර්වලවීමක් ඇතිවූ විට එසේ ක‍්‍රියාකාරී විය හැක.
උදා: මන්ද පෝෂණය
- දියවැඩියාව
- HIV/AIDS
- වෙනයම් රෝගී තත්වයක් නිසා ශරීරය අධික ලෙස දුර්වල වීම.
- සමහර ඖෂධ වර්ග නිසා උදා : ස්ටීරොයිඞ් වර්ග
- ප‍්‍රතිශක්තිය යටපත් කිරීමට දෙන අනෙකුත් ඖෂධ වර්ග
මුළින්ම ක්‍ෂය රෝගය සඳහා වූ සමේ පරීක්‍ෂණය සිදුකරයි. එහිදී අතේ සමට දියරමය ද්‍රව්‍යයක් එන්නත් කරනු ලබයි. ඉන් පැය 72කට පමණ පසු එම එන්නත් කල ස්ථානයේ ගෙඩි ගැසී ඇත්දැයි බලයි. ශරීරයේ ක්‍ෂය රෝගය ඇතිකරන බැක්ටීරියාව ඇත්නම් එම ස්ථානයේ සැළකිය යුතු ලෙස ගෙඩි ගැසීමක් ඇතිවන අතර දින කිහිපයකින් එය යථා තත්වයට පත්වේ.
මීට අමතරව පපුවේ එක්ස් රේ පරීක්‍ෂණයක් කරනු ලබයි.
මෙම පරීක්‍ණ 2ක මඟින් බොහොමයක් අවස්ථාවල ක්‍ෂය රෝගය නිශ්චිතව හදුනාගත හැක.
රෝග කාරක බැක්ටීරියාව විනාශ කිරීමට ප‍්‍රතිජීවක (Antibiotics) ගත යුතුවේ. මෙය වෛද්‍යවරයා නියම කරන පරිදි මාස කිහිපයක් තිස්සේ නොකඩවා ගතයුතු වේ.
⋆ එසේ නොකඩවා නොගැනීමෙන් විය හැකි භයානක ප‍්‍රථිඵල 2කි.
- ප‍්‍රථිකාරය අවසන් කලද බැක්ටීරියාව සම්පූර්ණයෙන් ශරීරයෙන් ඉවත් නොවීම.
- බැක්ටීරියාවට දෙනු ලබන ඖෂධ වලට හුරුවීම නිසා විනාශ නොවීම. එබැවින් කිසිම ප‍්‍රතිජීවකයකින් පාලනය කල නොහැකි අන්දමේ බැක්ටීරියාවක් ඇතිවීමේ අවධානමක් ඇතිවේ.
- විවේකීව සිටීම.
- පෝෂ්‍ය ජනක ආහාර ගැනීම.
- දුම්පානය, මත්පැන් පානය නතර කිරීම.
- මෙම ප‍්‍රතිජීවක ගැනීමේදී ශරීරයේ නොයෙකුත් ව්‍යාකූලතා ඇතිවිය හැකි නමුත් නොකඩවා ඒවා ගැනීම කළ යුතුවේ. එවැනි අවස්ථා වලදී අවශ්‍ය නම් වෛද්‍ය උපදෙස් ලබාගැනීම සුදුසුය.
- මුත‍්‍රා හා ශරීරයේ අනෙකුත් ස‍්‍රාව්‍යයන් සමහරවිට රතු පැහැයක් ගත හැකි අතර ඒ සම්බන්ධව බියට පත්විය යුතුවන්නේ නැත. බොහෝවිට එය දෙන ලබන එක් ප‍්‍රතිජීවකයක් නිසා සිදුවේ.
ක‍්‍රියාකාරී අවස්ථාවේ ඇති බැක්ටීරියාවක් රුධිරයට එකතුවී ශරීරයේ ඕනෑම තැනක ව්‍යාකූල තත්ව ඇතිකල හැකිය.
උදා: ආහාර ජීර්ණ මාර්ගය
- වකුගඩු
- අක්මාව
ශල්‍ය කර්ම සිදුකිරීමට සිදුවන අවස්ථා ඇත. උදාහරණ වශයෙන්
- ආහාර මාර්ග ආශ‍්‍රිතව ක‍්‍රියාකාරී වීමෙන් ආහාර මාර්ගය සිහින් වී ආහාර කොටස් හිරවීම
- වකුගඩු වල ක‍්‍රියාකාරී වීමෙන් ඒවා හිරවීම, සැරව එකතු වීම හෝ සම්පූර්ණයෙන් විනාශ වී තිබීම.
යනාදිය දැක්විය හැකිය.