මෙය හිසෙහි ඇතුළතින් හෝ හිස්කබල මතුපිට ප‍්‍රදේශයේ හෝ බෙල්ල ආශ‍්‍රිතව ඇතිවන වේදනාවක් හෝ අපහසුතාවයක් ලෙස ඇතිවිය හැක.
හිසේ රුදාව ඇතිනොවූ පුද්ගලයෙකු සොයාගත නොහැකි තරම් වන අතර ඉතා දරුණු ගණයේ මොළය ආශ‍්‍රිතව ඇතිවන රෝගයක් නිසා හා හිසේ රුදාව ඇතිවීම යන තත්වය ඉතාම කලාතුරකින් පමණක් දැකිය හැකිය. එබැවින් ජීවන රටාවේ යම් යම් වෙනස්කම් කිරීම, මානසික ආතතිය අඩුකර ගැනීම යන ක‍්‍රම මඟින් බොහොමයක් හිසේ රුදා ඇතිවීම වැලැක්විය හැක. එවැනි තත්ව වලින් සමනය නොවේනම් ඖෂධ මඟින් ඉතා යහපත් ප‍්‍රතිඵල ලබාගත හැක.
ගෙල ප‍්‍රදේශයේ, උරහිසේ, මුහුනේ ආදී තැන්වල මාංශ පේශී දීර්ඝ වේලාවක් තද වී තිබේනම් හිසේ කැක්කුම ඇතිවේ. මානසික ආතතිය, සිතේ ඇතිවන තිගැස්ම හෝ සිතේ ඇතිවන ව්‍යාකූල තත්වයන් මෙවැනි මාංශපේශී තද වීම කෙරෙහි සෘජුවම බලපායි. (උදාහරණයක් හැටියට ඇඞීමෙන් පසු සමහර පුද්ගලයින්ට හිසේ කැක්කුම ඇතිවීම)
මීට අමතරව නින්ද අඩුකම, මත්ද්‍රව්‍ය භාවිතය, ආහාර නියමිත වේලාවන්හිදී නොගැනීම, පමණ ඉක්මවා මහන්සි වීම, හිස එකම ආකාරයෙන් තබාගෙන සිටීම (උදා : පරිඝණක භාවිතයේදී) ආදි කරණු මේ කෙරෙහි බලපායි.
මෙවැනි තත්ව වලදී ඇතිවන හිසේ කැක්කුමේ විශේෂ ලක්‍ෂණ වනුයේ
- හිසේ පිටුපස කොටසින් පටන් ගැනීම.
- ඉන්පසු එය ඉදිරියට පැතිරී යාම.
- පසුව මුළුහිස පුරාම පැතිරී යාම.
- හිස වටේ පටියකින් හිරකරනවා සේ දැනීම.
- බෙල්ල ප‍්‍රදේශය, උරහිස්, මුඛයේ හනු ප‍්‍රදේශවල ඇතිවන කැක්කුම
- කැක්කුම එකම විදිහට පවතින අතර එය කරන ක‍්‍රියාව අනුව අඩු වැඩිවීමක් සිදු නොවේ.
මෙය මොළයේ ඇතිවන ක‍්‍රියාකාරිත්වයේ අසාමාන්‍යතාවයක් නිසා ඇතිවේ. මේ හා සම්භන්ධ පර්යේෂණවල ප‍්‍රතිඵල මඟින් නිගමනය කර ඇත්තේ ස්නායු හා ඒවායේ සිදුවන රසායනික ක‍්‍රියාවලිවල වෙනස්වීම් නිසා මොළයේ සිදුවන රුධිර ගමනාගමනයේ වෙනස් වීම් හේතුකොටගෙන මෙවැනි හිසේ කැක්කුම් ඇතිවන බවයි.
ඒ අනුව නොයෙකුත් සාධක මෙම වෙනස් කිරීම් කෙරෙහි බලපායි.
- අධික ආලෝකය
- සමහර ගන්ධයන් හා සුවඳ විලවුන්
- නිදියන රටාවේ ඇතිවන වෙනස්කම්
- අධික ශබ්ධය
- මධ්‍යසාර/දුම්පානය
- නියමිත වේලාවට ආහාර නොගැනීම.
- මානසික ආතතිය
ඒ අතරින් ප‍්‍රධාන වේ. මීට අමතරව සමහර ආහාර පාන වර්ගද සෘජුවම මේ සඳහා බලපායි. උදා: චොකලට්, කෝපි, චීස්
මෙහිදී ඇතිවන්නේ තද හිසේ කැක්කුමකි. එය හිස ඇතුලේ ඇතිවන නලියන හෝ ගැහෙන ස්වභාවයකින් පටන්ගනී. බොහෝ වේලාවට ඇස් නිලංකාර වන ගතිය, උගුරට ඒම හෝ වමනය යාම මේ සමඟ ඇතිවේ.
සාමාන්‍යයෙන් මෙය හිසේ එක් පැත්තකින් පටන්ගන්නා අතර දීර්ඝ වේලාවකට පසු හිසපුරා පැතිරීයයි. ඇවිදීම හෝ වෙනත් ක‍්‍රියාවලියක යොමු වීමේදී හිසේ කැක්කුම වැඩිවේ.
මෙවැනි හිසේ කැක්කුම ඇති සමහර රෝගීන්ට එය ඇතිවීමට පෙර විවිධ ලක්‍ෂණ පහළ වේ. උදා: හදිසියේ ඇතිවන නිදිමත ගතිය හෝ පෙනීමේ සිදුවන ව්‍යාකූලතා
හිස් කබලේ ඉදිරි ප‍්‍රදේශයේ වාතය පිරුණු කුටීර ඇත. ඒවා මඟින් කරනුයේ හිස්කබල සැහැල්ලූ කිරීමත්, කටහඩට දෝංකාරය එකතුකර ශබ්ධය ක‍්‍රමාණුකූල කිරීමත්ය.
මෙම කුටීර වල බිත්තියේ ඇති විවිධ සෛල වර්ග මඟින් විවිධ ස‍්‍රාවයන් එකතුකරනු ලබන අතර ඒවා කුටීර හා නාසය මෙන්ම උගුර ප‍්‍රදේශය යා කරන නාල මඟින් ඉවත්වීම සිදුවේ.
නාසයේ, උගුරේ සිදුවන අසාත්මිකතා නිසා එම නාල වැසීයාමක් සිදුවිය හැක. ඒ හේතුව නිසා සියළු ස‍්‍රාවයන් එම කුටීරවල එකතුවීමට පටන්ගනී. එහි ප‍්‍රතිඵලය වනුයේ එම කුටීර තුල පීඩනය වැඩිවීමත් එමඟින් හිසේ කැක්කුම ඇතිවීමත්ය. මෙහි අනෙක් ලක්‍ෂණ වනුයේ,
- උදේට නැගිටින විට අධික හිසේ කැක්කුම
- ඉදිරියට නැමෙන විට කැක්කුම වැඩිවීම.
- උගුර බැඳී තිබීම, නාසය හිරවී තිබීම
- නාසය දෙපස ප‍්‍රදේශය තද කිරීමේදී වේදනාවක් දැනීම.
- නාසය ආශ‍්‍රිතව ඇති කුටීරවල එකතුවූ ස‍්‍රාවයන් හා සම්භන්ධව විෂබීජ තත්වයක් ඇති වුවහොත් උණ ගැනීම හා ස්වසනයේදී දුර්ගන්ධයක් ඇතිවීම.
- කන් අගුල් වැටීම.
- මාස් ශුද්ධිය ආසන්න වීමේදී සමහර කාන්තාවන්ට හිසේ කැක්කුම ඇතිවේ.
- මොළයේ ඇතිවන ගෙඩි, විෂබීජ තත්වයන් හා රුධිර වාහිනී වල සිදුවන ව්‍යාකූලතා
- ඇස් පෙනීමේ දුර්වලතාවයක් මුලින්ම හඳුනාගත හැකි ලක්‍ෂණයක් වනුයේද නිතර නිතර ඇතිවන හිසේ කැක්කුමක් විය හැක.
- මුඛයේ, දත්වල විෂබීජ තත්වයන්, තුවාල ආදිය
- කණ ආශ‍්‍රිතව ඇතිවන ප‍්‍රශ්ණ
- අධික රුධිර පීඩනය
ආදී නොයෙකුත් හේතු හිසේ කැක්කුමට තුඩුදිය හැක.
මූලිකවම කල යුත්තේ හිසේ කැක්කුම ඇතිවීමට තුඩුදෙන හේතුව සොයාගැනීම වේ. එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන බැවින් ඒ සඳහා දිනපොතක සටහනක් දැමීම මඟින් බලපානු ලබන ප‍්‍රධානම සාධකය සොයා ගැනීම පහසුවේ.
- හිසේ කැක්කුම සෑදුනු වේලාව හා දිනය
- හිසේ කැක්කුම පැවතී තිබූ කාලය
- ඒ සඳහා ගත්තා වූ ප‍්‍රථිකර්ම
- හිසේ කැක්කුම සෑදීමට ප‍්‍රථම කුමන කාර්යයක නිරත වී සිටියේද?
- ඒ හා ආශ‍්‍රිත කාලසීමාවේදී ගන්නා ලද ආහාර/පාන
- පෙර දින රාත‍්‍රියේ නිදි වැරුවේද නැද්ද යන වග
- මානසික ආතතියකින් පෙළුනේද නැද්ද යන වග
- සාමාන්‍ය ජීවන රටාවෙන් බැහැර වෙනයම් කාර්යයක නිතර වූයේද යනවග
මෙම ක‍්‍රමය මඟින් සාධකය සොයාගැනීම පහසුවන අතර ඒ සඳහා පියවරවල් ගැනීම මඟින් බොහෝ විට හිසේ කැක්කුම නැවත නැවත ඇතිවීම වලක්වාගත හැක.
- විවේක ගැනීම. (ඇස්දෙක පියාගෙන සිටීම)
- මනස සන්සුන්ව තබාගැනීම.
- ගෙලෙහි පසුපස කොටස තැවීම
- නාසය සිරවී සෙම්ප‍්‍රතිශ්‍යා ස්වභාවයක් තිබේනම් ජලවාෂ්ප ඇල්ලීම හා විෂබීජ ස්වභාවයක් පවතීනම් ඊට ප‍්‍රථිකාර ගැනීම.
- පැරසිටමෝල් විශේෂයක් පාවිච්චි කිරීම.
- අධික රුධිර පීඩනයෙන් පෙලෙන්නෙක් නම් රුධිර පීඩනය පරීක්‍ෂාකර ගැනීම
ආදී ප‍්‍රථිකර්ම ක‍්‍රම භාවිතා කල හැක. එසේ වුවද අඩුනොවුන තත්ව වලදී වෛද්‍ය උපදෙස් පැතිය යුතුවේ.
- සුව පහසු නින්දක්
- සෞඛ්‍යයට හිතකර ආහාර පාන ගැනීම.
- ව්‍යායාමවල යෙදීම
- ඇවිදීමේදී, වාඩිවී සිටීමේදී ක‍්‍රියාවන්හි නිරතවීමේදී මෙන්ම නිදාගැනීමේදීද හරි ඉරියව් වලින් සිටීම.
- හිත සැහැල්ලූවෙන් තබාගැනීම. (භාවනා කිරීම, යෝගි ව්‍යායාම)
- දුම්පානය / මධ්‍යසාර ගැනීම නැවැත්වීම.
- එක දිගට වැඩක යෙදෙන විට පැය 1/2 - විනාඩි 45 වරක්වත් ඉරියව් වෙනස් කිරීම
- අධික රුධිර පීඩන, දියවැඩියාව, පෙනීමේ දුර්වලතා ආදිය ඇත්නම් ඒවාට ප‍්‍රථිකාර කිරීම.
එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්විය හැකි අතර පහත දැක්වෙන වර්ග ඒ අතරින් ප‍්‍රධාන වේ.
- කිරි ආහාර
- පිෂ්ඨ සහිත ආහාර රසකාරක හෝ ආහාර
- අලිගැටපේර, කෙසෙල්
- රටකජු / බෝංචි ඇට
- ළූණු
- පෙනීම බොඳවී යාම
- ඇසේ එන කැක්කුම
- ඇසේ තරු හෝ ඉරිවැනි යමක් පෙනීම.
මේවා සෑම පුද්ගලයෙකුගේ ඇති නොවේ. මෙය සාමාන්‍යයෙන් තද හිසේ කැක්කුම ඇතිවීමට විනාඩි 10-15කට කලින් ඇතිවේ.
- කැක්කුම ඇසේ පිටුපසින් හෝ හිසේ පිටුපසින් හෝ ගෙල දෙසින් එන්නාක් සේ දැනීම.
- බොහෝ විට සෑම විටම හිසේ එකම පැත්තකින් හටගනී.
- හිස ඇතුලත නලියන හෝ ගැහෙන ස්වභාවයකින් ඇතිවේ. ඉතා තද කැක්කුමකි.
- සාමාන්‍යයෙන් පැය 6-24ක් දක්වා කාලයක් තිබිය හැක.
- සීතල ගතිය
- ශරීරයේ පණ නැති ස්වභාවය
- වමනය යාමට ඒම හෝ වමනය යාම
- ශරීරයේ යම් යම් තැන්වල ඇතිවන හිරි වැටෙන ස්වභාවය හෝ නලියන ස්වභාවය
- අධික එළිය ඇති ස්ථානවලදී හිසේ කැක්කුම වැඩිවීම.
- දහඩිය දැමීම.
හිසේ කැක්කුම පහව ගිය පසුද අධික නිදිමත ගතියක් ඇතිවේ.
මේ සඳහාම වූ විශේෂිත පරීක්‍ෂණයක් නැත. නමුත් සැක සහිත අවස්ථාවලදී අනෙකුත් රෝග නැති බවට සැකහැර ගැනීමට පරීක්‍ෂණ කරනු ලැබේ. උදා: EEG/CT
මෙය නිට්ටාවට සුව කිරීමේ හැකියාව බොහෝම විරල නමුත් ප‍්‍රථිකාර මඟින් එන රෝග ලක්‍ෂණ යටපත් කිරීම කල හැක. ඊට අමතරව ඉරුවා රදය නැවත නැවත ඇතිවීමට තුඩු දෙන හේතු සොයාගැනීම මෙය පාලනයට ඉමහත් රුකුලක් වේ.
මේ සඳහා දිනපොතක් උපයෝගී කරගන්න
- ඉරුවා රදය සෑදුනු වේලාව සහ දිනය
- එහි වේදනාවේ ස්වභාවය
- පෙරදින නිදිවැරුවාද නැද්ද යන්න
- ඇතිවීමට පෙර ගන්නාලද ආහාර
- අනෙකුත් රෝග ලක්‍ෂණ
ආදිය එහි ලකුණු කිරීමෙන් කාලයක් යාමත් සමඟ එහි රටාව හඳුනාගත හැකි අතර බොහෝ විට ප‍්‍රධාන හේතු සාධකයද හඳුනාගත හැක.
මීට අමතරව ඇතිවන හිසේ කැක්කුමේ ප‍්‍රමාණය අඩුකර ගැනීමට
- මද අදුරු කාමරයක විවේකීව සිටීම
- සීතල වතුරෙන් තෙත් කල තුවායක් හිසේ තැබීම
- හොඳින් වතුර බීම කල හැක.
දිගින් දිගට හිසේ කැක්කුම ඇතිවන පුද්ගලයින් වෛද්‍ය උපදෙස් පැතිය යුතුය. වෛද්‍යවරයා විසින් සෑදෙන වාර ගණන අඩු කිරීමට සහ එහිදී එන රෝග ලක්‍ෂණ පාලනය කිරීමට
ඖෂධ ලබාදීම කරනු ලබන අතර රෝගියා විසින් අදාල මාත‍්‍රාවට නොකඩවා ඖෂධ ගැනීම කල යුතුය.