- ඇසේ කාචය හරියාකාරව පාලනය කල නොහැකි වීම. බොහෝ විට වයස අවුරුදු 40න් පසු ඇතිවේ. (හතිලිස් ඇදිරිය)
- ඇසේ සුද ඒම
- ඇස ඇතුළත පීඩනය වැඩිවීම.
- දියවැඩියාව නිසා ඇස ඇතුලේ ඇති කුඩා රුධිර වාහිනී වලට හානි වීම.
- ඇසේ ඇතිවන විෂබීජ, ආසාත්මිකතා හා තුවාලවීම්
- රාත්‍රි අන්ධතාව
- දෘෂ්ඨි විතානයේ සිදුවන ව්‍යාකූලතා
- මොළයේ දෘෂ්ඨිය හා සම්භන්ධ ප්‍රදේශයේ රුධිර වාහිනී වල ලේ කැටි හිරවීම හෝ පුපුරා යාම
- ඇස ඇතුළට ලේ ගැලීම.
- ඉරුවා රදය
- සමහර ඖෂධ වර්ග
එවැනි තත්වයක් ඇතිවුවහොත් ඇති හොඳම ක්‍රමය වනුයේ වෛද්‍ය උපදෙස් ලබාගෙන අදාල ප්‍රථිකාර කිරීමයි.
- ඇසේ පෙනීමේ දුර්වලතා දැනටමත් පවතින්නේ නම් නොපමාව වෛද්‍ය උපදෙස් පැතීම හා නොකඩවා සායනවලට සහභාගී වීම.
- අවුරුදු 50ට වැඩි පුද්ගලයින් අවුරුද්දකට වරක්වත් වෛද්‍යවරයෙකු ලවා පරීක්ෂා කරවා ගැනීම.
- දියවැඩියාව/අධික රුධිර පීඩනය වැනි රෝගී තත්ව ඇතිනම් ඒවාට ක්රමාණුකූලව ප්‍රථිකාර ගැනීම.
- තද අව්වේ යනවිට අව් කන්නාඩි පැළදීම.
- දුම්පානය, මධ්‍යසාර ගැනීම නතර කිරීම.
- පලා වර්ග, පළතුරු වර්ග වැඩිපුර ආහාරයට ගැනීම.