මෙම පිලිකා තත්වයද බහුලව දැකිය හැක. බොහො විට රෝගියාගේ නොසැලකිලිමත්කම නිසා රෝගය උච්ච අවස්ථාවේ වෛද්‍යවරයෙකු වෙත යොමු වීම සුලබව දැකිය හැක. ගුද මාර්ගයෙන් රුධිරවහනය අර්ශස් අමාරුවකැයි උපකල්පනය කර වෛද්‍යවරයෙකු වෙත යොමු වීමට පමා වීම ඊට බලපාන ප්‍රධානතම හේතුවයි.
මේ සදහා වූ විශේෂිත හේතුවක් නොමැති මුත් එය ඇති වීමේ අවධානම වැඩිකරන හේතු සාදක ගනනාවකි.
වයසට යත්ම අවධානම වැඩිවේ.( විශේෂයෙන් අවරුදු 55 කට පමණ පසු)
පවුලේ අයට මහා අන්ත්රය හා ගුද මාර්ගය ආශ්රිත පිලිකා තත්ව ඇති වී තිබීම හා සමහර ආරෙට යන රෝගී තත්ව.( කාන්තාවන්ගේ කලින් පියයුරු පිලිකා තත්ව ඇති වී තිබේ නම් මෙම පිලිකා තත්වයද ඇති වීමට වැඩි අවධානමක් ඇත)
ආහාර මාර්ගය ආශ්‍රිතව දීර්ඝ කාලීනව ඇති වන අසාදන තත්ව (උදා Inflammatory bowel disease)
වැඩිපුර මේදය සහිත ආහාර හා මස් අනුභවය මෙන්ම තම ආහාර වේලෙහි තන්තුමය ආහාර අඩු වීමද මෙම පිලිකා තත්වය ඇති වීවමේ අවධානම වැඩි කරයි.
මධ්‍යසාර හා දුම් වැටි භාවිතය
වැසිකිලි යාමේදී ඇතිවන රුධිර වහනය
වැසිකිලි යාමේ රටාවේ ඇතිවන වෙනස්කම් (වරෙක එය මල බද්ධයක් ලෙසත් වරෙක බඩඑලිය යාමක් ලෙසත්)
උදරයේ ඇති වන වේදනාව
උදරය පුරවා දැමීම
ශරීරයේ බර සැලකිය යුතු ලෙස කෙටිකලකදී අඩුවීම
යන රෝග ලක්ෂණ බහුලව දැකිය හැක
නමුත් මහා අන්ත්රය පටන් ගන්නා හරියේදී කලාතුරකින් ඇති වන පිලිකා තත්ව වලදී රෝග ලක්ෂණ මතු වීම සිදුවන්නේ රෝගය යම් තරමකට උත්සන්න වූ විට දී වේ.
මෙම රෝග ලක්ෂණ ඇති අයෙකුගේ එන්ඩොස්කොපි පරීක්ෂණයක් කිරීම මගින් රෝගය පහසුවෙන් හදුනා ගත හැක.
එමගින් පිලිකාමය තත්වයක් සැකකරන ස්ථානයක් හදුනාගතහොත් පරීක්ෂණ සදහා කැබැල්ලක් (බයොප්සි ) ලබාගැනීම කරන අතර එමගින් රෝග නිෂ්චයකට එලබේ.
එවැනි රෝග තත්වයක් හදුනා ගැනීමක් කලවිට එහි පැතීරී ඇති ප්‍රමාණය ගැන දැන ගැනීමට ස්කෑන් පරීක්ෂණ හා සීටී පරීක්ෂණ කරනු ලැබේ.
මීට අමතරව රුධිර පරීක්ෂණද සිදුකරයි
ප්‍රථිකාර ක්‍රමය රෝගය පැතිරී ඇති ආකාරය,පිලිකාව ඇති ස්ථානය, අනෙකුත් රෝගී තත්ව හා අනෙකුත් තත්වයක් බොහොමයක් සලකා බැලීමෙන් පසු වෛද්‍යවරයා රෝගියා සමග සාකච්චා කර තීරනය කරනු ලැබේ.
ප්‍රථිකාර ක්‍රම ලෙස හැකිනම් ශල්‍යකර්මයකින් ඉවත් කිරීම ඇති හොදම ක්‍රමයයි.
එසේ නොහැකි විටදී හා ශල්‍යකර්මයකින් ඉවත් කිරීම කලත් එහි ස්වභාවය අනුව කීමෝතෙරපි ප්රථිකාරය හා විකිරණ ප්රථිකාරය දීම වෛද්‍යවරයා තීරනය කරනු ලැබේ.
බඩවැල් හිර වී ඒවා පුපුරා යාම
රුධිරවහනය
ශරීරය පුරා පැතිරීම
දුම් වැටි මධ්‍යසාර භාවිතයෙන් ඉවත් වීම.
අධික මේදය සහිත ආහාර ගැනීම අවම කිරීම.
වැඩිපුර තන්තු සහිත ආහාර ගැනීම.
පවුලේ අයට මෙම තත්ව ඇතිවී තිබේනම් ඒ ගැන අවධානයෙන් සිටීම.
එන්ඩොස්කොපි පරීක්ෂණ සිදුකරවා ගැනීම( සාමාන්‍යයෙන් වයස අවුරුදු 40 කින් පමණ පසු හැකිනම් වසරකට දෙකකට පමණ සැරයක් එන්ඩොස්කොපි පරීක්ෂණයක් කරවා ගැනීම යොග්‍ය වේ.)