රෝගියාගේ වයස - අවු. 53
ස්ත‍්‍රී පුරුෂ භාවය - පුරුෂ
රක්‍ෂාව - කම්කරු
රෝග ලක්‍ෂණ
- ගුද මාර්ගයෙන් රුධිරය පිටවීම.
- කාලය මාස 3ක්
වෛද්‍යවරයාගේ නිගමනය
- අර්ශස් අමාරුව
යෝජිත පරීක්‍ෂණය
- සිග්මොයිඩොස් කොපි පරීක්‍ෂණය
හේතුව
- කලාරතුරකින් පිලිකාමය තත්වයක් අර්ශස් අමාරුවක් සේ මතුවිය හැකි වීම
පරීක්‍ෂණය සඳහා සූදානම
- පෙරදිනදී ද්‍රව ආහාර ගැනීම
- පරීක්‍ෂණයට පැය 1/2කට පමණ පෙර වස්තියක් දීම (Enema)
නිර්වින්දනයේ ස්වභාවය
- නිර්වින්දනය හෝ නිද්‍රාගත වීමට ඖෂධ ලබානොදේ
- ගුදය අවට ලිහිසි ගතිය වැඩි කිරීමට හා කැක්කුම අඩුකිරීමට ලිග්නොකේන් ජෙල් ආලේප කෙරේ.
පරීක්‍ෂණයෙන් පසුව නිවස කරා යා හැක.
----------------------------------------------------------
සාමාන්‍ය ජනතාවට රෝගී තත්වයන් සහ ප‍්‍රතිකාර ක‍්‍රම ගැන දැනුවත් කිරීම සඳහා ශල්‍යකර්මය පටිගත කිරීමට අවසර ලබාදුන් රෝගියාට අපගේ විශේෂ ස්තූතිය
----------------------------------------------------------