දියවැඩියාව ඇති අයෙකුගේ රුධිරයේ ඇති සීනි ප‍්‍රමාණය නිතර වෙනස් විය හැක. නමුත් ප‍්‍රතිකාර කිරීමේ මූලික අරමුණ වනුයේ එම සීනි ප‍්‍රමාණය සෑමවිටම සාමාන්‍ය අගයක තබාගැනීමයි. යමෙකුගේ රාත‍්‍රියේ නිරාහාරව සිට කරනු ලබන රුධිරයේ සීනි පරීක්ෂණය සාමාන්‍ය අගයක තිබිය හැකිමුත් දවසේ අනෙකුත් වේලාවන්වලදි එහි අගය සාමාන්‍ය අගය ඉක්මවා තිබිය හැක. එය ශරීරයේ අනෙකුත් පද්ධති කෙරෙහි අහිතකර ලෙස බලපායි මෙසේ අසාමාන්‍ය ලෙස සීනි ප‍්‍රමාණය වෙනස්වීම් ඇත්දැයි බැලීම සදහා මෙම පරීක්ෂණය කරනු ලැබේ. මෙමගින් පසුගිය මාස 3 ක කාලයක් තුලදී මෙවැනි වෙනස්වීම් ඇත්දැයි සොයාගත හැක