- පෙරසම ලිගුව ඉදිරියෙන් හැකිලී තිබීම (පසු පසට කල නොහැකිවීම.)
- පසු පසට වූ සම නැවත ඉදිරියට දැමිය නොහැකි වීම.
- පෙර සම ආශ්‍රිතව ඇතිවන පිලිකා
මෙය සාමාන්‍ය තත්වයක් නොවේ.
- කුඩා ළමුන්ගේ බහුලව දැකිය හැක.
- කලාතුරකින් තරුණ වයසේ අයද මෙම ප්‍රශ්ණය නිසා වෛද්‍ය උපදෙස් පතන අවස්ථා ඇත.
- මුත්‍රා කරන විට ලිගුව කෙලවර බැලූනයක ආකාරයට පිම්බීම
- මුත්‍රා ඈතට විද නොයෑම හෝ බිංදු බිංදු වැටීම
- මුත්‍රා කිරීමට අධික ලෙස තැටමීම.
- නිතර නිතර මුත්රාවල විෂබීජ තත්ව ඇතිවීම.
- සමහර අවස්ථා වලදී ලිගුව කෙළවරින් සුදු පැහැයට හෝ කහ පැහැයට දියරමය ද්‍රව්‍යකින් පිටවීම.
- විෂබීජ තත්ව ඇතිවීම. (ලිගුව කෙළවර රතු වී ඉදීමීම)
- වැඩිහිටියෙකුගේ නම් ලිංගික සංසර්ගයේදී දැඩි වේදනාවක් ඇතිවීම.
- පිටුපසට වූ සම නැවත ඉදිරියට දැමිය නොහැකි වීම.
- මෙය වෛද්‍ය උපදෙස් ලබාගත යුතු තත්වයකි.
- ඉතා කුඩා දරුවෙකුගේ නම් වෛද්‍ය වරයා විසින් පරීක්ෂා කිරීමෙන් පසු ශල්‍යකර්මයක් අවශ්‍ය වන්නේද නැතිද යන වග තීරණය කරුණු ලබයි. සමහර අවස්ථාවලදී පවතින ස්වභාවය අනුව ක්‍රීම් වර්ගයක් (ස්ටීරොයිඞ් සහිත) ආලේප කර සම පිටුපසට කිරීමට උපදෙස් දෙනු ඇත. මෙය දිනකට කිහිප වතාවක් කිරීමෙන් සමහර දරුවන්ගේ යථා තත්වයට පත්වේ. එසේ නොවන අවස්ථා වලදී ශල්‍යකර්මයක් මඟින් පෙර සම ඉවත් කිරීම වඩාත් යෝග්‍ය වේ.
විශේෂිත වූ අතුරු ආබාධ නොමැත. නමුත් ලිගුව කෙලවර කොටසෙහි ඇති සංවේදී බව අඩුවිය හැකි අතර එම කොටසට පහසුවෙන් තුවාල සිදුවීමේ හැකියාව ඇත.
- ආගමික හේතූන් මත
- අපි‍්‍රකානු රටවල සමාජ රෝග ව්‍යාප්ත වීම අඩු කිරීමට ක්‍රමයක් ලෙස මෙය සිදු කරයි. (එහිදී පෙරසමට යටින් වූ අවකාශය තුල ලිංගික තරල එකතුවී තිබීම මඟහැරෙන අතර තව පුද්ගලයෙකු හා සංසර්ගයේදී එය අනෙකාට පැතිරීම අවම කරයි.)
- මෙමඟින් පිරිමි ලිගුවේ කෙලවර පිලිකා ඇතිවීම අඩුකරන බව විශ්වාස කරයි. නමුත් මෙය ඉතාම කලාතුරකින් දැකිය හැකි තත්වයකි.
- දරුවන් නැහැවීමේ දී මෙන්ම ශරීර කෘත්‍යයන් කරගැනීමට නොහැකි වැඩිහිටියන් නැහැවීමේදී ද පෙර සම පිටුපසට කර එහි වූ සුදුපැහැති ද්‍රව්‍ය (Smegma) සෝදා හැරීම කල යුතුය. මෙය ලිගුව කෙළවර තෙත්ව තබා ගැනීමට දිනපතා ඇතිවන ස්‍රාවයක් වන අතර එසේ දිගටම එකතු වීමෙන් ඒමත විෂබීජ තත්ව ඇතිවීමට පුළුවන.
මෙම හේතුව නිසාම බොහොමයක් වැඩිහිටියන් රොහල් ගතවන අවස්ථා ඇත. මීට අමතරව මෙය මුත්රාවල විෂබීජ ආසාදන තත්ව ඇතිකිරීමටද හේතු පාදක වේ.
- සාමාන්‍යයෙන් සුව වීමට සතියක් පමණ ගතවේ.
- ශල්‍යකර්මය කල දිනයේදීම හෝ පසුදින රෝහලින් පිටකරනු ලැබේ.
- මෙම ශල්‍යකර්මයට පසුදිනම ස්නානය කලහැක. අදාල ප්‍රදේශය ජලයෙන් සෝදා හැරිය හැකි වේ.
- විෂ බීජ නාශක ක්‍රීම් වර්ගයක් ආලේප කර කුඩා ගෝස් කැබැල්ලකින් දිනපතා ආවර්ණය කර තැබිය හැක.
- එය තෙත් වී ඇත්නම් වහාම ඉවත් කල යුතුය.
කුඩා දරුවන්ගේ මෙය කරන්නේ සම්පූර්ණයෙන් නිර්වින්දනය කිරීමෙනි. වැඩිහිටියන්ගේ මෙය හිරි වැට්ටවීමෙන් පසු කල හැක.
ඉතා පිරිසිදු රෙදි කැබැල්ලකින් එතැන විනාඩි 10ක් පමණ තද කරගෙන සිටින්න. බොහෝ විට ලේ ගැලීම නවතී. එසේ නවතින්නේ නැතිනම් වෛද්‍ය උපදෙස් ලබාගත යුතුය.
- ලේ ගැලීම නැවතුනේ නැතිනම්
- සැරව ගැලීමක් ඇත්නම්
- සම්පූර්ණ ලිගුව රතුවී තිබේ නම්
- එක දිගටම කැක්කුම පවතින්නේ නම්