මෙම ස්නායුව බෙල්ල ප‍්‍රදේශයේ තයිරොයිඞ් ග්‍රන්ථිය හා ස්වසන මාර්ගය අතර පිහිටා ඇත. පටන් ගැනීම සිදුවන්නේ පපුවේ ඉහල ප‍්‍රදේශයේය.
බෙල්ල ආශ‍්‍රිතව සහ පපුවේ ඉහල ප‍්‍රදේශය ආශ‍්‍රිතව සිදුකෙරෙන ශල්‍යකර්ම නිසා හෝ පිළිකාමය හා පිලිකාමය නොවන ගෙඩි නිසා ස්නායුව තදවීම නිසාද මෙම ස්නායුවේ කි‍්‍රයාකාරිත්වය අඩපන වේ. සමහර අවස්ථාවලදී වෛරස් රෝග නිසාද සිදුවේ.
තාවකාලික පවතින අඩපන වීම් තිබිය හැකිය. නමුත් ඉදිමීම අඩුවූ විට නැවත යථා තත්වයට පත්වේ. මේ සඳහා සතියක් හෝ මාසයක් පමණ කාලයක් වුවද ගතවිය හැක.
- කලින් සඳහන් කල පරිදි ප‍්‍රතිකාර නොමැතිව සුවවෙන අවස්ථා ඇත. ඉදිමීම අඩුවීමත් සමඟ යථාතත්වයට පත්වේ.
- කථාකිරීමට පුහුණු කිරීම (Speech therapy)මඟින් ද සමහර අවස්ථාවලදී යථා තත්වයට පත්කල හැක.
- යථා තත්වයට පත්වීමක් සිදු නොවන්නේ නම් ශල්‍යකර්ම මඟින් ස්වර තන්ත‍්‍ර සැකසීම කරනු ලබයි.
- වම හා දකුණ යනුවෙන් ස්නායු 2ක් ඇති අතර මෙම ස්නායු දෙකටම තාවකාලිකව හෝ සම්පූර්ණයෙන් ම හානි වී ඇත්නම් ස්වසනය අපහසුවේ. එවැනි අවස්ථාවල ස්වසන මාර්ගයේ සිදුරක් සාදා ස්වසනය කිරීමට සැලැස්විය යුතුවේ. (Tracheostomy)
හානි සිදුවී ඇති ස්වභාවය අනුව තීරණය වේ.