අධික ස්ථූලතාවය සමහර අවස්ථාවලදී ව්‍යායාම හා ආහාර පාලනයෙන් පමණක් පාලනය කිරීමේ දුෂ්කරතා ඇතිවිය හැක.
එවැනි අවස්ථාවලදී ශරීරයේ බර අඩුකර ගැනීම සදහා ආමාශය හා කුඩා බඩවැල් ආශ‍්‍රීත ශල්‍යකර්ම සිදු කල හැක.
මෙම ශළ්‍යකර්මයට පසු ආහාර ගත හැකි ප‍්‍රමාණය මෙන්ම ගන්නා ලද ආහාර ශරීරයට උරා ගැනීම අඩුකිරීම මගින් ශරීරයේ ස්ථූලතාවය අඩුකරනු ලබයි.
BMI අගය 40කට පමණ වඩා වැඩි අය.
අධීක ස්ථූලතාවය සමග දියවැඩියාව, හෘදය වස්තුව ආශ‍්‍රීත රෝගී තත්ව ඇතිවී ඇති අය, හා නින්දේදී ස්වසන අපහසුතා ඇතිවන අය සදහා මෙම ශළ්‍යකර්ම මගින් බර අඩුකර ගැනීම යෝග්‍යවිය හැක.
මෙම ශල්‍යකර්මයට පසුවූවද සමහර අවස්තාවලදී ස්ථූලතාවය අඩුනොවී තිබිය හැක.
සමහර රෝගීන්ගේ බර අඩුවීමක් සිදුවූවද අවශ්‍ය ප‍්‍රමාණයට අඩුනොවී තිබිය හැක.
නියම ආකාරයට සිදුකරන අහාර පාලනය හා ව්‍යායාම ශල්‍යකර්මයට පසුවද සිදුකලයුතු අතර එසේ නොවුනහොත් නැවත මුල් තත්වයටම පත්වීමේ හැකියාව ඇත.
මෙම ශල්‍යකර්මය සිදුකරන විවිධ ක‍්‍රම ඇත.
ආමාශය වටා බෑන්ඩ් එකක් යෙදීම.( මෙමගින් ආහාර ගැනීමේ ප‍්‍රමාණය අඩුකරනු ලැබේ.)
ආමාශයෙන් කොටසක් ඉවත් කිරීම.(මෙමගින් වරකට ගත හැකි ආහාර ප‍්‍රමාණය අඩුකරන අතර ආහාර අවශෝෂණයද අඩුකරයි)
කුඩා අන්ත‍්‍රය කෙලින්ම ආමාශය හා සම්භන්ධ කිරීම.(මෙමගින් ආහාර එකවර සියල්ල කුඩා අන්ත‍්‍රයට යොමු වීම නිසා ජීර්ණයවී අවශෝෂණය කර ගත හැකි ප‍්‍රමාණය අවම කරයි)
බොහෝවිට මෙම ශල්‍යකර්ම සිදුකරන්නේ ලැපරොස්කොපි ක‍්‍රමයට වේ.
ඊට හේතුව වනුයේ එමගින් රෝහලේ ගතකල යුතු කාලය අවම වීමත් කැක්කුම අවම වීමත් හා පසු කාලීනව හර්නියා තත්ව ඇතිවීමේ අවධානම අවම වීමත් නිසා වේ.
නමුත් ලැපරොස්කොපි ක‍්‍රමයට කල නොහැකි අවස්ථාවලදී විසදුම වනුයේ සාමාන්‍යක‍්‍රමයට උදරයේ කැපුමක් යෙදීම මගින් ශල්‍යකර්මය සිදුකිරීම වේ.
එහිදී සිදුවිය හැකි අතුරු ආබාධ වනුයේ
පලමු සති කිහිපය තුලදී
රුධිර වහනය
විෂබීජ තත්ව
ආහාර මාර්ගයේ සිදුරු ඇතිවී ගනු ලබන ආහාර පිටතට ඒම.
රුධිර කැටි සෑදී ( විශේෂයෙන් කකුල්වල ඇති රුධිරවාහිනීවල)ඒවා හෘදය වස්තුව හා පෙනහලු කරා ගමන්කිරීමෙන් ඇතිවන රුධිරවාහිනී අවහිර වීමෙන් ජීවිතයට තර්ජන පවා ඇතිවිය හැකි වීම.
දීර්ඝ කාලීනව ඇතිවිය හැකි අතුරු අබාධ වනුයේ
බලා පොරොත්තුවූ ප‍්‍රමාණයට බර අඩු නොවීම
හර්නියා තත්ව ඇතිවීම
ආහාර අවශෝෂණය වීමේ හැකියාව අඩුවීම නිසා විවිධ විටමින් වර්ග ඌණතා ඇතිවීමේ ඇති හැකියාව.
ආහාරමාර්ගයේ ශල්‍යකර්ම කල ස්ථානවල සිදුවිය හැකි සංකෝචන හේතුවෙන් ආහාර ගමන් කිරීමට බාධා ඇතිවී හිරවීම් ඇතිවීම.