පිටකොන්දේ වේදනාව බොහෝ විට සෑම පුද්ගලයෙක්ම අත් දැක ඇත. පිට කොන්දේ එන කැක්කුම හේතු ගණනාවක් නිසා විය හැක.
- කොදු නාරටියේ වූ ව්‍යාකූලතාවයක් (ඒ හා සම්භන්ධව ඇති මාංශපේශී හා ස්නායුද ඇතුළුව)
- වකුගඩු හා මුත‍්‍රා මාර්ගයේ වූ ව්‍යාකූලතාවයක්
- කාන්තාවන්ගේ ගර්භාෂය ආශ‍්‍රිතව ඇතිවන ව්‍යාකූලතාවයන්
- උදරය ඇතුලේ ඇතිවන විශාල ගෙඩියක්
වැනි හේතු ගණනාවක් පිටකොන්දේ වේදනාවක් ලෙස ඇතිවිය හැක.
එය එක්වර වන සිදුවීමක් හෝ දීර්ඝ කාලයක් තිස්සේ සිද්ධ වන්නක් විය හැක.
එකවර බරක් එසවීමේදී, එකවර පැත්තකට හැරීම, එකම ආකාරයට බොහෝ වේලාවක් ඉඳගෙන සිටීම, වැටීමක් හෝ හදිසි අනතුරක් එක්වර ඇතිවන පිටකොන්දේ වේදනාවකට තුඩු දෙයි. එහිදී කොදුනාරටියේ අස්ථී බිඳීයාමක්, අස්ථි අතර ඇති කොටසක් එළියට පැනීමක්, මාංශපේශී ඉරීයාමක් හෝ මාංශපේශී තදවීමක් විය හැක.
- පිටකොන්දේ ඇතිවන අධික වේදනාව
- අස්ථීවලට හානි වීමේදී ස්නායු වලට ද හානි සිදුවූයේ නම් හිරිවැටීම, කකුල් පණ නැතිව යාමද විය හැක.
- පිට කොන්ද දිගහැරීමට අපහසුවීම.
- කැක්කුම කකුල් වලට, තට්ටම් වලට පැතිරී යාම.
- මුත‍්‍රා අඩස්සිය ඇතිවීම.
ආදී විවිධාකාර ලක්‍ෂණ සිදුවූ හානියේ ස්වභාවය අනුව විය හැක.
- සැළකිය යුතු ප‍්‍රමාණයේ හදිසි අනතුරකදී
- මුත‍්‍රා කරන විට දැවිල්ල ඇතිවීම හෝ ඒ සමඟ ලේ යාම.
- මුත‍්‍රා පාලනය කිරීමට නොහැකි වීම.
- පිට කොන්ද ප‍්‍රදේශය රතුවී ඉදිමී තිබීම.
- තට්ටම් ප‍්‍රදේශයේ, කකුල් වල ඇතිවන හිරිවැටීම හෝ පණ නැතිව යාම.
- කකුල් දිගේ කැක්කුම පැතිරී යාම.
- ක‍්‍රමයෙන් කැක්කුම වැඩිවීම ආදී අවස්ථාවලදී වහාම වෛද්‍යවරයෙකු මුණ ගැසිය යුතුය.
මීට අමතරව සැලකිය යුතු තරමේ අනතුරක් නොවූවත් ඉහත කී ලක්‍ෂණ මතුවූයේ නම් වහාම වෛද්‍යවරයෙකු මුණ ගැසීම යෝග්‍ය වන අවස්ථා ඇත. විශේෂයෙන්
- මීට කලින් පිලිකාවක් තිබීම / ක්‍ෂය රෝගය සෑදී තිබීම.
- දීර්ඝ කාලීනව ස්ටිරොයිඞ් නැමති ඖෂධ ගැනීම (Prednisolone)
- කාලයක් තිස්සේ බර අඩුවීම / උණ ගැනීම
යන ලක්‍ෂණ ඇති රෝගීන් විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය.
මෙය සිදුවූයේ හදිසි අනතුරක් නිසානම් එම හානිය කොන්දට පමණක් නොව බෙල්ල ආශ‍්‍රිත වූ කොදුනාරටියටද බලපායි. එබැවින් එවැනි රෝගීන් ප‍්‍රවාහනය කිරීමේදී ඉතාම සැලකිලිමත් විය යුතුය. හොඳම ක‍්‍රමය වනුයේ රෝගියාව කිහිප දෙනෙකු එකතු වී ලෑල්ලකට මාරුකරගෙන එම ලෑල්ල සමඟ ප‍්‍රවාහනය කිරීමයි. මෙසේ ලෑලකට මාරුකිරීමේදී ගෙල ප‍්‍රදේශය හා කොදු නාරටිය එකම අක්‍ෂයකට තබාගැනීමට වගබලා ගතයුතු වේ. ප‍්‍රවාහනය කරන වාහන ආසනයේ රෝගියා ඉන්දවීම සුදුසු නොවේ. ඉන්දවීමෙන් සිදුවිය හැකි හානිය බරපතල විය හැක. එම නිසා ලෑල්ල සමඟ රෝගියා වාහනයේ හරහට තබාගෙන ප‍්‍රවාහනය කිරීම ඇති සුදුසුම ක‍්‍රමයයි. රෝහල වෙතට ලගාවෙන තෙක් රෝගියාගේ ස්වසනය කිරීම හා නාඩිවැටීම පිළිබඳව අවධානයෙන් සිටිය යුතුය.
1. සාමාන්‍ය වැඩකටයුතු වලින් දින කිහිපයක් ඈත්වී සිටීම.
2. පළමු පැය 48 ඇතුළතදී අයිස් වලින් තැවීමත් ඉන්පසු රස්නය ඇත දෙයකින් තැවීම(පිට කොන්දේ කැක්කුම එන තැන)
3. වේදනා නාශක භාවිතා කිරීම.
4. නිදාගන්නා විට ඝණකම් මෙට්ටයක් හෝ ලෑල්ලක් භාවිතා කිරීම.
5. උඩුපෙලි අතට නිදාගැනීම වඩාත් යෝග්‍ය වන අතර දනිස් වලට යටින් කොට්ටයක් තැබීම මඟින් කොන්දට එන ඇදීම අඩුකරයි.
6. දීර්ඝ කාල සීමාවක් (දින 2-3 කට වඩා) ඇදට වී සිටීම එතරම් හොඳ ක‍්‍රියාවලියක් නොවේ.
7. සාමාන්‍ය වැඩකටයුතු දින කිහියකින් පටන් ගැනීම. (ටිකෙන් ටික පටන්ගන්න) බර එසවීමෙන්, කොන්ද ඇඹරෙන විදිහේ වැඩකිරීමෙන් සති 6ක් පමණ බැහැර වී සිටීම.
8. ඉන් පසු ටික ටික ව්‍යායාම කටයුතු කල යුතුය. (මේ සඳහා වෛද්‍යවරයාගෙන් හෝ භෞත චිකිත්සකවරයෙකුගෙන් උපදෙස් ලබාගත යුතුය.)
9. මාසයක් පමණ ගතවූවත් කැක්කුම පවතින්නේ නම් නැවත වෛද්‍යවරයා මුණගැසීම වඩාත් සුදුසු වේ.
මෙය ඉතා බහුලව ඇති තත්වයකි. වයසටයත්ම පිටකොන්දේ වේදනාව ඇතිවීමට ඇති හැකියාව ඉතා වැඩිය. නමුත් බොහෝ විට නිශ්චිත හේතුවක් හරියාකාරව සොයාගැනීමට නොහැකිවේ. නමුත් කැක්කුම පාලනය කිරීමට විවිධ ප‍්‍රථිකාර ක‍්‍රම ඇත.
- සෘජුවම කොදුනාරටිය හා ඒ සම්භන්ධව ඇති මාංශපේශී වල තත්ව සේම වෙනත් අවයවක හෝ ස්ථානයක ඇති ව්‍යාකූල තත්වයක් කොන්දේ කැක්කුමක් ලෙස ඇතිවිය හැක.
- වැරදි ක‍්‍රම වලට බර එසවීම.
- කලින් කොන්ද ප‍්‍රදේශයේ සිදුවූ අනතුරු හෝ ශල්‍යකර්ම
- විවිධ ආකාර වලට ඇතිවන ආතරයිට්ස් තත්වයන්
- ශරීරයේ අධික බර / මානසික ආතතිය
- ව්‍යායාම අඩුකම
- කොදුනාරටියේ පිහිටීමේ ස්වභාවය වෙනස්කම් (සමහර අවස්ථාවල මෙය ආරෙට යන තත්වයකි)
- රැකියාවේ ස්වභාවය
යන සෑම සාධකයක්ම දීර්ඝ කාලීන වශයෙන් පිටකොන්දේ කැක්කුම ඇතිකිරීමට හේතු කාරක වේ.
කොන්දෙ අමාරුව ඇති අයෙකු දිගටම ඇඳෙහි දිගාවී සිටියහොත් බොහෝවිට එම කැක්කුම එසේම පැවතීමට හෝ වැඩිවීමට ඇති ඉඩකඩත් අනෙකුත් ව්‍යාකූලකා ඇතිවීමටත් ඇති හැකියාව වැඩිය.
එබැවින් මුල්දින කිහිපයෙන් පසුව විශේෂයෙන් ඉදිමීම් අඩුවූ වහාම ක‍්‍රම ක‍්‍රමයෙන් දෛනික වැඩකටයුතු කිරීමට පටන්ගත යුතුය. නමුත් අස්ථි බිදීම්, ස්නායු වලට හානිසිදුවීම නිසා පණ නැතිව යාම් ආදිය ඇති රෝගීන් මෙලෙස කිරීමෙන් වැලකිය යුතුය. ඒ සඳහා සෑම විටම වෛද්‍ය උපදෙස් පැතිය යුතුය.
ඉතා අධික බරින් යුතු දේවල් තනිවම එසවීමෙන් වලකින්න. සෑම විටම තව කෙනෙකුගේ උදව් ලබාගැනීමට උත්සහ කරන්න.
- කකුල් දෙක පහසුවෙන් තබාගන්න. සීරුවෙන් සිටීමෙන් බර කෙලින්ම කොන්දට යොමු වේ.
- ඔසවන දේ ශරීරයට ආසන්නයට ගන්න.
- සෑම විටම පහත්වී අවශ්‍ය වූ විට දනිස්වලින් නමන්න. තුනටියෙන් නැමීමෙන් වලකින්න.
- බර එසවීමේදී ද පහත් කිරීමේදී ද බඩෙහි මාංශපේශී තද කරගන්න.
- බර ඔසවාගෙන ඉදිරියට නැමීමෙන් හෝ හැරීමෙන් වලකින්න.
- එක දිගටම හිටගෙන සිටීමෙන් වලකින්න. වැඩකරන විට සිටගෙන සිටීමට සිදුවන්නේ නම් හැකි සෑම විටම ස්ටූල් එකක් පාවිච්චි කරන්න. එසේත් නැතිනම් වරින් වර එක කකුලකින් සිටගෙන අනෙකට විවේකයක් දෙන්න.
- අඩි උස සපත්තු පැළදීමෙන් වලකින්න.
- එක දිගට වාඩිවී සිටීමේදී හැම විටම පුටුවේ හේත්තු වෙන ඇන්ද කෙලින් තිබීම වඩා වැදගත්ය.
- වාඩිවී සිටින විට කකුල් වලට කුඩා ස්ටූල් එකක් තබාගැනීමෙන් දනිස් හන්දිය උකුල් හන්දියේ මට්ටමට වඩා උස මට්ටමකින් පවතී. එය කොන්දෙ අමාරුව ඇතිවීම වැලැක්වීමට හොඳ ක‍්‍රමයකි.
- ව්‍යායාම වල යෙදීම, දුම්බීම නතර කිරීම, භාවනා කිරීම, යෝගී ව්‍යායාම ආදිය කොන්දෙ අමාරුව අඩුකර ගැනීමට උපකාරී වේ.
⋆ රියපැදවීමේදී
- එක දිගට රිය පැදවීමේදී හෝ දීර්ඝ වේලාවක් ඉඳගෙන සිටීමේදී ආසනය හා කොන්දේ පහළ කොටස අතර කුඩා කොට්ටයක් හෝ නවපු තුවායක් තබන්න.
- රිය පැදවීමේදී ආසනය සුක්කානම දෙසට හැකිපමණ කිට්ටු කරගන්න. දීර්ඝ වේලාවක් එක දිගට රිය පැදවීමේදී වරින් වර රිය නවතා (පැයකට වරක්වත්) විනාඩි කිහිපයක් ඇවිදින්න.
කරන ලද ශල්‍යකර්මය අනුව සම්පූර්ණ සුවය ලැබීමට ගතවන කාලය වෙනස් වේ. බොහෝවිට කැක්කුම, හිරිවැටීම් පණ නැති ගතිය සති 2-3 දක්වා කාලයක් පැවතිය හැක. කශේරුවේ අස්ථි හා සම්භන්ධව ශල්‍යකර්මයක් සිදුකලේ නම් සම්පූර්ණයෙන් යථා තත්වයට පත්වීමට මාස 2-3 දක්වා කාලයක් ගතවේ. වයසක අයෙකු නම් මෙය මාස 6ක් දක්වා ද විය හැක.
- පැය 1/2කට වඩා එකදිගට ඉඳගෙන සිටීමෙන් වැලකීම.
- පිටකොන්ද පැත්තෙහි කැක්කුමක් ඇති නොවන කවර ආකාරයකට වුවද නිදාගත හැක.
- පිට කොන්ද ප‍්‍රදේශයට පලඳින ආධාරකය. (Back brace / Lumbar corset) පැළඳීම.
⋆ මෙය ඉඳගෙන සිටීමේදී මෙන්ම ඇවිදීමේදී ද පැළඳිය යුතුය.
⋆ නමුත් ටික වේලාවකට ඇඳෙහි ඉඳගෙන සිටින විට හෝ වැසිකිලියාමේදී පැළදීම අනිවාර්යය නොවේ.
- කොන්ද නැමීම නොකල යුතුය. නැමීමට අවශ්‍ය නම් දනිස් වලින් නැමීම කල යුතුය.
- 5kg කට පමණ වඩා බරක් එසවීම නොකල යුතුය.
- බොහොමයන් ශල්‍යකර්ම වලට සති 2-3 කට පසු අවිඳීම කල හැක. නමුත් එය අදාල වෛද්‍යවරයා සමඟ සාකච්ඡා කල යුතුය. ක‍්‍රමයෙන් ඇවිදින දුර වැඩිකල යුතුය.
- නමුත් මහන්සි වී කරන ව්‍යායාම, පිහිනීම් ආදිය නොකල යුතුය.
- සති 3-4කට පසු රිය පැදවීම කල හැකි අතර නමුත් දුර ධාවනය නොකල යුතුය.
- ශල්‍යකර්මය කල ස්ථානය ආශ‍්‍රිතව ඇති තුවාලය තෙමීම නොකල යුතුය. එබැවින් තව කෙනෙකුගේ සහය ඇතිව ප්ලාස්ටික් හෝ ඉටිකවරයකින් එම ප‍්‍රදේශය ආවරණය කර ජලයෙන් ශරීරය සේදීම කල යුතුය.
- දුම්බීම භාවිතය නතර කල යුතුය. එය තුවාලව සුවවීමට බලපානු ලබයි.
- දිනපතා තුවාලය අවට පරීක්‍ෂාකර බැලිය යුතුය. නමුත් වෛද්‍යවරයා පවසන තෙක් තුවාලය වසා ඇති ප්ලාස්ටර් ඉවත් කිරීමට උත්සහ නොකල යුතුය.
නමුත් ඒ අවට රතුවී ඉඳිමී තිබීම තුවාලය වසා ඇති ප්ලාස්ටර් තෙත් වී තිබීම, රුධිරය තැවරී තිබීම, සැරව තැවරී තිබීම, උණ ගැනීම, තද කැක්කුම ඇතිවීම, හිරි ගතිය, පණ නැති ගතිය ක‍්‍රමයෙන් වැඩිවීම යන ලක්‍ෂණ ඇත්නම් වෛද්‍ය උපදෙස් පැතිය යුතුය.
වෛද්‍යවරයා විසින් නියම කරන වේදනා නාශක ඇතුළුව සියළුම අනෙකුත් ඖෂධ වර්ග භාවිතා කල යුතුය. වැඩිපුර ජලය පානය කිරීමෙන් ඇතිවිය හැකි මලබද්ධය තත්වය මඟහැරී යයි.