සමෙහි ඇතිවන අසාත්මික (Allergy)තත්වයකි. මෙහිදී සම මතුපිට ඉදිමීම සිදුවිය හැක.
- සමෙහි ඇති වියළි ස්වභාවය
- සම කැසීම හා එම කැසීමත් සමග
1. සම රතු වීම.
2. ඉදිමීම
3. පතුරු ගැලවීම.
4. අදාල ප‍්‍රදේශයෙන් දියරයන් ගැලීම.
5. කබොලක් සෑදීම හා සම ඝනකම් වීම.
සිදුවිය හැක.
- මුහුණ
- වැලමිට ප‍්‍රදේශය
- දනිස් පිටුපස
- අත් හා පාද ප‍්‍රධානතම ස්ථාන වේ.
වැඩිපුරම දැකිය හැක්කේ කුඩා දරුවන්ගේ වන අතර ඕනෑම කෙනෙකුගේ මෙය ඇතිවිය හැක. තවද වියළි කාලගුණයක් පවතින ප‍්‍රදේශවල පුද්ගලයින්ගේ මෙය බහුලව දැකිය හැක.
⋆ මෙම රෝගී තත්වය පුද්ගලයෙකුගෙන් තව පුද්ගලයෙකුට බෝවීමක් සිදුනොවේ.
- අසාත්මිකතාව (Allergy) ඇතිකරන යමක් සමෙහි ගැටීම.
- කෘමීන් දෂ්ඨ කිරීම.
- රුධිර ගමනා ගමනයට ඇති බාධක හේතුවෙන් රුධිරය එක් තැනක එකතුවීම. (උදා: කකුල්වල නහර ගැටගැසීම.)
- ආරෙට ඇතිවීම.
මෙම රෝගී තත්වය බොහෝවිට රෝගියාගේ රෝග ලක්‍ෂණ අනුව රෝග නිෂ්චයකට එලබේ. එහිදී වෛද්‍යවරයා විසින් පහත සඳහන් ආකාරයේ ප‍්‍රශ්ණාවලියක් අසනු ලැබේ.
- අදාල දදය හා සම්භන්ධ ලක්‍ෂණ (උදා: කැසීම, සැරව ඒම, කැක්කුම ආදී)
- දදය ඇතිවී ඇති කාලසීමාව
- වෙනයම් අසනීප තත්වයන් ඇතිද යනවග (උදා: දියවැඩියාව, ඇදුම)
- පවුලේ අයට දද ඇතිද යනවග
- ආහාර, ඖෂධ හා අනෙකුත් ද්‍රව්‍යවලට ඇතිවන අසාත්මිකතා
- වෙනයම් සමේ රෝග තත්වයන් ඇතිද යන වග
- දීර්ඝ කාලීනව ඖෂධ ගන්නේද යනවග
බොහෝමයක් රෝගීන්ගේ දදය හා ඇදුම යන තත්වයන් දෙකම එකට දැකිය හැකිවේ. මේවා බොහෝවිට අසාත්මිකතාවයක් නිසා විය හැක.
- සමෙහි අසාත්මිකතාවයක් ඇති කිරීමට සමත් දේ සමෙහි ගැටීම.
- මල්වල පරාග
- දූවිලි
- සතුන්ගේ මවිල්
- ක්ලෝරීන් සහිත ජලය
- සබන් වර්ග
- සමහර ආලේපන වර්ග
- සමහර රෙදි වර්ග
- වියලි කාලගුණය
- විෂබීජ තත්වයන්
සාමාන්‍යයෙන් ළමා අවධියේදී ඇතිවූ දදයක් හැරුණු කොට වැඩිවියේදී ඇතිවන දදයක් නිට්ටාවටම සුව වීමක් සිදු නොවේ. එය නැවත නැවත මතු වීම හා ඒ සම්භන්ධව සමෙහි ඇතිවන ව්‍යාකූලතා පාලනය කල හැකිවේ.
මේ සඳහා වෛද්‍යවරයාගේ මෙන්ම රෝගියාගේ දායකත්වය එක හා සමානව තිබිය යුතුවේ.
මෙහිදී වෛද්‍යවරයා විසින්
1. සමෙහි ඇතිවී ඇති ඉදිමුන තත්වය හා විෂබීජ තත්වය පාලනයට ආලේපන වර්ග
2. ස්ටිරොයිඞ් සහිත ආලේපන
3. විෂබීජ නාශක ඖෂධ
4. නින්දෙන් කැසීම වැලැක්වීමට හා පහසු නින්දක් ලැබීමට අවශ්‍ය ඖෂධ
5. ඉතාම කලාතුරකින් ශරීරයේ ප‍්‍රතිශක්තිය පාලනය කිරීමට ඖෂධ නියම කරනු ඇත.
මීට අමතරව අදාල දදය ඇතිවීමට හේතුකාරක වන සාධකය හදුනාගැනීමට උපකාර කිරීම හා සමෙහි තත්වය උසස් අන්දමින් තබාගැනීමට උපදෙස් දෙනු ලැබේ.
නහර ගැට ගැසීමේ ස්වභාවය අනුව ඊට ප‍්‍රථිකාර කල යුතුවේ.
- එන්නත් ලබාදීම (Sclerotherapy)
- රුධිරය එකතුවීම වැලැක්වීමට මේස් පැළදීම(Stockings)
- ශල්‍යකර්මයක් මඟින් ගැටගැසුනු නහර ඉවත් කිරීම ආදී ක‍්‍රම ඒ සඳහා භාවිතා කරනු ලැබේ.
එම ගැටගැසුනු නහර වලට ප‍්‍රථිකාර නොකලහොත් දදය සුවවීමක් නොවන අතර එය සුවනොවන තුවාලයක් දක්වා වර්ධනය විය හැක.