පැපිලෝමා වෛරස් ආසාදනය (HPV)Genital warts

මෙහිදී ලිංගික ප‍්‍රදේශය ආශ‍්‍රිතව ගැටිති හටගන්නා අතර මේ සඳහා හියුමන් පැපිලෝමා (Human papilloma) නැමති වෛරසයක් හේතුකාරක වේ.
මෙම වෛරසය ආසාදනය වී ඇති සමහර රෝගීන්ගේ රෝග ලක්‍ෂණ කිසිවක් පිටින් හඳුනාගත නොහැකි අවස්ථා තිබේ. ලිංගික ක‍්‍රියාකාරකම් වලදී මෙම ආසාදිත ප‍්‍රදේශ ගැටීමෙන් තව කෙනෙකුට මෙය බෝවිය හැක. සාමාන්‍යයෙන් ආසාදනය වූ පසු ලිංගික ප‍්‍රදේශය, ගුද මාර්ගය හෝ මුඛය ආශ‍්‍රිතව මෙම ගැටිති ඇතිවීමට සති 6 සිට මාස 6ක් දක්වා කාලයක් ගතවිය හැක.

ලිපිය පළකල දිනය Article uploaded on: 07/04/2025
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු