ගර්භාෂයේ ඇති වන පිලිකාමය නොවන ගෙඩි (Uterine Fibroids)

ගර්භාෂයේ ෆයිබ්‍රොයිඞ් ඇතිවීම බහුලව දැකිය හැකි තත්‍වයක්ද?

සාමාන්‍යයෙන් කාන්තාවන් 10 දෙනෙකුගෙන් එක් අයෙකුට මෙම තත්‍වය ඇතිවිය හැක.
මාස්ශුද්ධිය ඇතිවී ඵය නතරවන තෙක් කාල වකවානුව තුල බොහොමයක් කාන්තාවන් මෙම හේතුව නිසා පීඩා විදි.

මෙසේ ෆයිබ්‍රොයිඞ් යනුවෙන් අදහස් කරන්නේ කුමන ආකාරයේ තත්‍වයක්ද?

මෙම ෆයිබ්‍රොයිඞ් නැමති ගෙඩි ගර්භාෂයේ මාංශපේශිමය කොටසක් හා තව නොයෙකුත් පටක වර්ග ඵකතුවී සෑදි ඇත. මෙහි ඇති විශේෂත්‍වය වනුයේ ඵ්වා පිලිකාමය නොවන තත්‍ව බැවිනි.
ගර්භාෂයේ බිත්තියේ ඇතුල් පැත්තේ ගර්භාෂය බිත්තිය තුල හා එහි පිටතට යොමු වී මෙම ගෙඩි ඇති විය හැක. සමහර අවස්ථා වලදි ඵ්වා විශාලව පැවතිය හැකි අතර ඉතා කුඩා ගෙඩි ලෙසද පැවතිය හැක. නමුත් කාන්තාවන්ගේ ඊස්ට‍්‍රජන් හෝමෝනයේ බලපෑම මත මෙම කුඩා ගෙඩි විශාලව වර්ධනය විය හැක.

මෙම තත්‍ව ඇති වීමට විශේෂිත හේතු තිබේද?

විශේෂිත හේතුවක් නැත. නමුත් තරබාරුකම ඵක් හේතුවක් විය හැක.

ෆයිබ්‍රොයිඞ් ඇති කාන්තාවන්ගේ රෝග ලක්ෂණ මොනවාද?

- මාස්ශුද්ධිය සමග යටි බඩේ මිරිකන ස්වභාවයකින් ඇතිවන කැක්කුම.
- යටි බඩ ප‍්‍රදේශය පිරී තිබෙන්නාක් සේ දැනීම හා යටි බඩේ ඇති බරගතිය.
- නිතර නිතර මූත‍්‍රා කිරීමට අවශ්‍ය වීම.
- මාස් ශුද්ධියේදි
-
අධික රුධිර වහනයක් වීම.
- මාස්ශුද්ධිය වැඩිපුර කාල ප‍්‍රමාණයක් සිදුවීම.
- මාස්ශුද්ධිය සිදුවන අතරමැදි කාලයේදී රුධිර වහනය වීම.
- ලිංගික සංසර්ගයේදි කැක්කුම ඇතිවීම.

මෙම තත්වය ඇති සෑම කාන්තාවකගේම රෝග ලක්ෂණ ඇති වේද?

බොහොමයක් කාන්තාවන්ගේ රෝග ලක්ෂණ ඇති නොවේ. රෝග ලක්ෂණ තිබූ කාන්තාවන්ගේ පවා මාස්ශුද්ධිය සිදුවීම නතර වන වයස් සීමාවන්හිදී ඵ්වා නැතිව යයි.

මෙම තත්වය දරුවන් පිලිසිඳ ගැනීමට බාධා ඇති කරයිද?

යමී තරමක බාධාවක් ඇති කල හැක.

වෛද්‍යවරයෙකු වෙත යොමුවිය යුත්තේ කුමන අවස්ථාවේදීද?

ඉහත කී රෝග ලක්ෂණ ඇත්නමි වෛද්‍ය උපදෙස් පැතීම යෝග්‍ය වේ.

මේ සදහා කරනු ලබන පරීක්ෂණ මොනවාද?

- වෛද්‍යවරයා විසින් කරනු ලබන පරීක්ෂාව.
- ස්කෑන් පරීක්ෂණය.
- ගර්භාෂයේ ඇතුල් බිත්තියෙන් පරීක්ෂණ සදහා සාමිපල ලබාගැනීම.
- ලැපරොස්කොපි පරීක්ෂණ

මේ සදහා ඇති ප‍්‍රතිකාර මොනවාද?

- දෙනු ලබන ප‍්‍රථිකාරය සදහා හේතු ගණනාවක් බලපායි.
උදා:
1.
රෝග ලක්ෂණවල තීව‍්‍ර බව
2. සාමාන්‍ය ජීවන රටාවට ඇති බලපෑම
3. වයස
4. දරුවන් බලාපොරොත්තු වන්නේද නැතිද යන වග

- හෝමෝන ප‍්‍රතිකාරය
1. පවුල්සැලසුමි පෙති නියම කිරීම. ඵහි ඇති හෝමෝන මගින් රුධිර වහනය අවම කරයි.
2.
හෝමෝන අඩංගු ලූප් දැමීම
ඉහත ආකාරයේ හෝමෝන ප‍්‍රතිකාර මගින්
x අධික රුධිරවහනය අඩු කිරීම
x කැක්කුම අඩු කිරීම
x ගෙඩියේ වර්ධනය තරමක් දුරට පාලනය කිරීම
කරනු ලබයි.

- වේදනා නාශක පෙති නියම කිරීම.
උදා Mefenamic acids

අධික රුධිර වහනයක් වූයේ නමි නැවත රතු රුධිරාණු වැඩිවීමට අවශ්‍යය යකඩ සහිත පෙති හෝ සිරප් වර්ග නියම කිරීම.
ඉහත ක‍්‍රම මගින් පාලනය නොවූයේ නමි ඊලග පියවර වනුයේ එම ගෙඩිය ඉවත් කිරීම හෝ සමිපූර්ණ ගර්භාෂයම ඉවත් කිරීමට ශල්‍යකර්මයක් සිදුකිරීමය.

ශල්‍යකර්මයක් සිදු කිරීමෙන් පසු දරුවන් පිලිසිඳ ගැනීමට බාධා ඇති වේද?

ගර්භාෂය ඉවත් කිරීමේ ශල්‍යකර්මය හැර අනෙකුත් ක‍්‍රම නැවත දරුවන් පිලිසිද ගැනීම කෙරෙහි විශාල බලපෑමක් ඇති නොකරයි.

ෆයිබ්‍රොයිඞ් ඇති කාන්තාවකට දරුවකු පිලිසිඳ ගැනීමක් වූවහොත් කුමක් සිදුවේද?

ගර්භාෂයට රුධිර සැපයුම වැඩිවීමත් හෝමෝනවල බලපෑමත් හේතුකොටගෙන මෙම ගෙඩිද සීඝ‍්‍ර වර්ධනයක් වී දරුවා බිහිකිරීමෙන් පසු නැවත කුඩාවී යයි.

මෙම ගර්භාෂයේ ඇතිවන ගෙඩි නිසා ඇතිවන ව්‍යාකූලතා මොනවාද?

- ගර්භාෂයට කුඩා තැනකින් පමණක් සමිභන්දවී ඇති ගෙඩි ඇඹරීම නිසා රුධිර සැපයුම නැවතී දැඩි උදරයේ වේදනාවක් ඇතිවිය හැකි අතර එය ඉක්මන් ශල්‍යකර්මයක් කලයුතු අවස්ථාවක් වේ.

- නැවත්විය නොහැකි අධික රුධිරවහනයකට ඇති හැකියාව හා එවැනි අවස්ථාවල ශල්‍යකර්මයන් සිදුකල යුතුවීම.

- අධික රුධිරවහනයවී රක්තහීනතාව ඇතිවීම.

- මූත‍්‍රාශය තදවීම නිසා හරිහැටි මූත‍්‍රා පිටනොවීම හා මුත‍්‍රා ඒකරාශි වී තිබීමෙන් මුත‍්‍රා විෂබීජ තත්ව ඇතිවීම.

- දරුවන් පිලිසිඳ ගැනීමට බාධා ඇතිවීම ( ඉතා කලාතුරකින් ඇතිවන තත්වයකි)

- අඩු මාසයෙන් දරුවන් බිහිවීම
(ගෙඩිය නිසා දරුවා වර්ධනයට ගර්භාෂය තුල ඉඩ මදිවීම නිසා)

- දරුවා බිහිවන මාර්ගය අවහිර වී ඇත්නමි සිසේරියන් සැත්කමක් කලයුතු වීම.

- දරුවා බිහිකලායින් පසුව අධික රුධිර වහනයක් විය හැකිවීම. ඊට හේතුවන්නේ ගර්භාෂය හරිහැටි සංකෝචනය විය නොහැකිවීමයි.

ලිපිය පළකල දිනය Article uploaded on: 12/06/2013
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු