එම කාල සීමාව තුල ඊස්ට්‍රජන් හෝමෝනය රුධිරයේ වැඩි ප්‍රමාණයක් ඇති අතර එහි බලපෑම මත පියයුරු වල ඇති ග්රන්ථිමය කොටස්ද විශාලවීමක් සිදුවේ. එහිදී ඇතුලත ඇතිවන තෙරපීම නිසා වේදනාව හටගනී. මෙම වේදනාව ඉතා සුළු ප්රමාණවල සිට දරගැනීමට අපහසු තරමේ වේදනාවක් විය හැක.
සාමාන්‍යයෙන් මාස්ශුද්ධිය වූ වහාම හෝ ඉන්පසු දින 2-3 කදී එම වේදනාව පහව යයි.
- තෙල් අධික ආහාර ගැනීම.
- කැෆේන් අධික ආහාර ගැනීම. (චොකලට්, කෝපි)
- ව්‍යායාම මදිකම
- පවුලේ අයටත් එවැනි තත්ව තිබීම.
ඇතිවන කැක්කුම අවම කිරීම සඳහා
- තෙල් අධික ආහාර ගැනීමෙන් වැලකීම.
- කැෆේන් අධික ආහාර පාන ගැනීම අවම කිරීම.
- ලූනු ආහාරයට ගන්නා ප්‍රමාණය මාස්ශුද්ධිය වීමට ආසන්න සතියක කාලය තුල අවම කිරීම.
- දිනපතා හොඳින් ව්‍යායාම කිරීම.
- හොඳින් පියයුරු හිරවී සිටින ආකාරයේ බ්‍රසියර් එකක් පැලදීම. (දිවා කාලයේ මෙන්ම රාත්‍රී කාලයේදීද) මඟින්ද කැක්කුම ඇතිවන ප්‍රමාණය අවම කලහැක.
⋆ විටමින් වර්ග ගැනීම මඟින් මෙම කැක්කුම අඩුකිරීම කෙරෙහි කරනු ලබන බලපෑම නිශ්චිත වශයෙන් හඳුනාගෙන නැත.
ඉහත කී ක්‍රම මඟින් ඇතිවන කැක්කුම පාලනය නොවේනම් හෝ කැක්කුම දරාගත නොහැකි අවස්ථාවලදී වෛද්‍යවරයෙකුගේ උපදෙස් පැතීම යෝග්‍යවේ. වෛද්‍යවරයා විසින් ඒ සඳහා භාවිතා කල හැකි ඖෂධ වර්ග නියම කිරීම සිදුකරයි.
සෑම මසකම මාස් ශුද්ධිය අවසන් වූ විට තමා විසින්ම පියයුරු පරීෂාවක් සිදුකිරීම යෝග්‍යවේ. එහිදී යම් වෙනසක් නිරීක්ෂණය කල විටදී වෛද්‍ය උපදෙස් ලබාගත යුතුය.
One fine body…
You can also sign in using your Facebook account or Google account
කරුණාකර ඔබගේ අදහස් දැක්වීමට අප හා එක්වන්න.