සමහර පුද්ගලයින්ගේ ඇගිලි විශේෂයෙන් වෙදැගිල්ල , මැදගිල්ල හෝ මහපට ඇගිල්ලහි මෙම තත්වය බෙහෙවින් දැකිය හැක.
එහිදී සිදුවන්නේ අත මිටි මොලවා දිගහරින විට අදාල ඇගිල්ල පමණක් අනෙක් ඇගිලි මෙන් පහසුවෙන් දිග හැරීමක් සිදු නොවීමයි.
සමහර අවස්ථාවලදී අනෙක් අතේ ආධාරයෙන් මෙය දිග හැරීමට සිදුවෙන අවස්ථා ඇත.
ඇගිල්ල පටන් ගන්නා ස්ථානයේ කැක්කුමක් පවා ඇතිවිය හැක.
මාංශ පේශී අස්ථි වලට සම්භන්ධ වන්නේ එහි කෙලවර තන්තුමය පටකයක් බවට පත්වීමෙනි.
ඇගිලි නැවීමට හෝ දිගහැරීමට අවශ්‍ය විට මෙම මාංශ පේශීවලින් ඇති කරන බලය මෙම තන්තුමය පටක හරහා අස්ථී දක්වා සම්පේ‍්‍රෂණය වේ.
තන්තුමය පටක ක්‍රියාත්මක වීමේදී ඇතිවන ඝර්ෂණය අවම කිරීම සදහා ඒ වටා නාලයක් ආකාරයට තැනී ඇති පටක කොටසක් ඇත.
යම් හෙයකින් මෙම නාලයේ ඝණ වීමක් හෝ තන්තුමය පටකයේ ගැට ඇතිවීමක් මෙන්ම ඉදිමීමක් වුවහොත් මාංශ පේශී ක්‍රියාත්මක වීමේදී තන්තුමය පටකය මෙම නාලය තුල සිරවීමක් විය හැක.
එවිට ඇගිලි හිරවීමක් ලෙස එය රෝගියාට දැනෙනු ඇත.
සාමාන්‍යයෙන් මෙම හිරවීම උදේට වැඩිපුර දැකිය හැකි අතර දියවැඩියාව, රුමැඩොයිඩ් ආතරයිටිස් වැනි රෝගී තත්ව ඇති අයගේ වැඩිපුර ඇති වීමේ සම්භාවිතාවක් ඇත.
රෝග නිර්ණය සදහා පරීක්ෂණ කිරීම අවශ්‍ය නොවනු ඇත.
වෛද්‍යවරයා කරනු ලබන පරීක්ෂාවෙන් රෝග නිගමනයකට එළබේ.
සමහර පුද්ගලයින්ගේ මෙම තත්වය ඉබේම පහව යන අවස්ථා ඇත.
ඒ සදහා උණු වතුරෙන් හා අයිස් වලින් මාරුවෙන් මාරුවට තැවීම,ඇගිල්ල අනෙක් පැත්තට ඇදෙන සේ විටින් විට නැවීම, හා රාත්‍රී කාලයේදී ඇගිල්ල නැවීම වැලැක්වීමට ආධාරකයක් පැලදීම මගින් යහපත් ප්‍රථිපල ලබා ගත හැක.
එසේ නොවන අවස්ථා වලදී වෛද්‍යවරයා විසින් ඖෂධ නියම කරනු ඇත.
සමහර පුද්ගලයින් ගේ තත්වය ඖෂධ මගින් සමනය වන අතර එසේ නොවන අවස්ථා වලදී ස්ටීරොයිඩ් වර්ගයේ ඖෂධ සහිත එන්නතක් ඇගිල්ල අල්ලට සම්භන්ධවන ප්‍රදේශයට ලබා දෙනු ඇත.
ඉතාම කලාතුරකින් අවස්ථාවක ශල්‍යකර්මයක් සදහා යොමුවීම අවශ්‍ය වනු ඇත.
Article uploaded on 10/04/2014