මෙමගින් රුධිරය කැටි ගැසීමේ ප්රවනතාවය අඩුකරයි.
බොහොමයක් හෘදය වස්තුව හා මොලය ආශ්‍රීත ව්‍යාකූලතා පැනනගින්නේ රුධිර කැට ඇති වී ඒවා රුධීරවාහිනීවල මාර්ගය අවහිර කිරීම නිසාවේ.
මෙම ඖෂධය මගින් එවැනි රුධිර කැට ඇතිවීමේ අවධානම අඩු කරයි.
ගැස්ට්‍රයිටිස් තත්වයන් හා ආමාශයේ තුවාල ඇති වීමේ ප්රවනතාවය.
ඔක්කාරය ඇතිවීම.
අසාත්මිකතා තත්ව ඇතිවීම.
ඉබේම රුධිර වහනය වීමේ හැකියාව හා කලාතුරකින් තුවාල වූ විට සාමාන්‍ය ප්‍රමාණයට වඩා අධික රුධිර වහනයක් වීමේ ඇති හැකියාව.
සෑම විටම ආහාර ගැනීමට පසු වතුර සමග පෙත්ත ගැනීම කල යුතුය.
දත් ගැලවීම හා අනෙකුත් සියලු ශල්‍යකර්ම සිදු කිරීමට ප්‍රථම තමුන් ඇස්ඵ්රීන් ඖෂධය ගන්නා බව වෛද්‍යවරයාට දැන්විය යුතුය
ඇස්ප්‍රීන් ගැනීම නැවැත්වීමට ප්‍රථම අදාල වෛද්‍යවරයාගේ උපදෙස් පැතිය යුතුවේ
නියමිත වේලාවට ගැනීමට නොහැකි වූවහොත් එය මතක් වූ සැනින් පෙත්ත ගැනීම කල යුතු අතර ඊලග පෙත්ත ගැනීමට කාලය පැමිණ ඇත්නම් පෙති මාත්‍රෘ දෙකක ප්‍රමාණය එකවර නොගත යුතුය.
ඇස්ප්‍රීන් ඖෂධය ගබඩා කිරීමේදී සුලං නොවදින වියලි ස්ථානයක තැබිය යුතුය.