ඉතා කුඩා එකිනෙක සම්භන්ධ වූ අස්ථි 3ක් (මුද්ගරිකාව, නිගාතිය, ධරණකය)
මෙම අස්ථි එක් අන්තයකින් කන් බෙරයටත් අනිත් අන්තයෙන් මැද කනෙහි කර්ණ ශංඛයටත් සම්භන්ධ වී ඇත.
ශංඛයක හැඩය ඇති කර්ණ ශංඛය ප්‍රධානම ව්‍යූහයයි. එය තුල තරලයක් ඇති අතර එම තරලයේ චලනයන්ට සංවේදී තන්තු ද ඇත. මෙම තන්තු ස්නායු හා සම්භන්ධ වී ඇත.
පිටතින් ඇතිවන ශබ්ද කම්පන වලින් කන් බෙරය කම්පනය වන අතර ඒත් සමඟ ඒ හා බැදී ඇති මැද කනෙහි වූ කුඩා අස්ථි 3 ද කම්පනය වේ. මෙම කම්පනය කර්ණ ශංචය කරා ගමන් කරන්නේ එම කුඩා අස්ථි 3නේ කෙලවරක් ඒ හා බැදී ඇති බැවිනි.
කර්ණ ශංචයේ ඇති තරලය ද ඒ සමඟ චලනය වීමට පටන් ගන්නා අතර එමඟින් එහි වූ සංවේදී තන්තු උත්තේජනය වී ශ්‍රවණ ස්නායු උත්තේජනය කරයි. එමඟින් මොළයෙහි ශ්‍රවණයට සංවේදී ප‍්‍රදේශය උත්තේජනය කරයි.
මෙය මැද කන හා උගුර සම්භන්ධ කරයි. මෙමඟින් මැද කනෙහි පීඩනය පිටත වායුගෝලයේ පීඩනයට සමාන කරයි. නමුත් උගුරෙහි ඇතිවන අසාත්මිකතාවලදී මෙම නාලය අවහිර වීම නිසා ඇතිවන පීඩන වෙනස් වීම් නිසා කන් අගුල් වැටීම සිදුවේ.
ශබ්ධ තරංගය මොළයේ ශ්‍රවන සංවේදනය කරන ස්ථානය කරා ගමන් කරන මාර්ගයේ ඇතිවන සෑම කරුණක්ම ශබ්ධය ඇසීම කෙරෙහි බලපායි.
- පිටත ශ්‍රවණ නාලය කලාදුරු පිරී තිබීම හෝ විෂබීජ තත්වයන්
- කන් බෙරය පිපිරී යාම (හදිසි අනතුරකදී හෝ විෂබීජ නිසා)
- මැද කනෙහි ඇතිවන විෂබීජ තත්වයන්
- යුෂ්ටේකීය නාලය අවහිර වී තිබීම. (උදාඃ උගුරේ ඇති වන ආසාත්මිකතා)
- කර්ණ ශංඛයේ වූ සංවේදී තන්තු විනාශ වීමෙන් උදාඃ දීර්ඝ කාලීනව අධික ශබ්ධ වලට නිරාවරණය වීම.
- ශ්‍රවණ ස්නායු වල ඇතිවන ව්‍යාකූලතා
- මොළයේ ශ්‍රවණයට සංවේදී කොටසට හානි වීම.
- මීට අමතරව උත්පත්තියේ සිටම ශ්‍රවණ පද්ධතියේ ඇති ආබාධද ප්‍රධාන වශයෙන් බලපායි.