අග්න්‍යාශය යුනවෙන් හඳුන්වන්නේ උදරයේ ඉහළ ප්‍රදේශයේ ආමාශයටත් යටින් ඇති ග්‍රන්ථියකි. එහි ප්‍රධාන කාර්යයන් වන්නේ ආහාර ජීර්ණයට අවශ්‍ය වන ජීර්ණ කාරක නිපදවීම හා සිරුරේ සීනි පාලනයට අවශ්‍ය වන හෝමෝන නිපදවීමයි. (Insulin)
එය අග්න්‍යාශයේ සිදුවන ඉදිමීමකි. මෙය විය හැකි ආකාර ගණනාවකි.
1. මධ්‍යසාර (ප්‍රධානම සාධකය වේ.)
2. පිත්තාශය ආශ්‍රිතව ඇතිවන ගල් මඟින් අග්න්‍යාශයේ ස්රාවයන් එන මාර්ග අවහිර වීම.
3. විෂබීජ තත්වයන් මේ අතරින් ප්‍රධාන වේ.
අග්න්‍යාශයේ සිදුවන ආසාදන තත්වයන් කෙටි කාලීනව ඇතිවන හා දීර්ඝ කාලීනව ඇතිවන ආසාදන තත්වයන් ලෙස බෙදා වෙන්කල හැක.
කෙටිකාලීනව ඇතිවන තත්වයන් නැවත මුල් තත්වයට පත්වීමක් සිදුවේ. නමුත් දීර්ඝ කාලීනව ඇතිවන තත්වයන් නැවත මුල් තත්වයට පත්නොවන අතර රෝග ලක්ෂණ පාලනය කරගැනීම කල හැක.
කෙටි කාලීනව ඇතිවන ආසාදන වලදී ඇති රෝග ලක්ෂණ
- උදරයේ ඉහළ ප්‍රදේශයේ කැක්කුම ඇතිවී වැඩිවීම පැය කිහිපයකින් විය හැක.
- ඉතා දරුණු ලෙස ඇතිවන කැක්කුමකි. සමහර විට දින කිහිපයක් පුරාවටම එකදිගට තිබිය හැක.
- ඉදිරියට නැමී සිටින විට කැක්කුම මදවශයෙන් අඩුවේ.
- උණ, වමණය පවා ඇතිවේ.
දීර්ඝ කාලීනව ඇතිවන ආසාදන වලදී,
- කැක්කුම දරුණු ස්වභාවයෙන් ඇති නොවේ.
- තෙල් බහුල ආහාර ගත්විට හෝ මධ්‍යසාර නැවත භාවිතා කලවිට කැක්කුම වැඩිවීම විය හැක.
මීට අමතරව
- ආහාර ජීර්ණ කාරක ප්‍රමාණය අඩුවීම නිසා ආහාර නියමාකාරයෙන් ජීර්ණය නොවී පිටවිය හැක. (විශේෂයෙන් තෙල් බහුල ආහාර ගත්විට)
- ශරීරයේ සීනි පාලනයට අවශ්‍ය ඉන්සියුලින් නැමැති හෝමෝනය නිපදවන්නේ අග්න්‍යාශයේ ඇති සෛල වර්ගයකිනි. අග්න්‍යාශයට සිදුවන දීර්ඝකාලීන විනාශ වීම් නිසා ඒ අදාල සෛලද විනාශ වී හෝමෝන සෑදීමද අඩුවීමක් විය හැකි අතර එම හේතුව නිසා දියවැඩියා තත්වයක් මතු විය හැක.
එවැනි තත්වයකදී අග්න්‍යාශයේ සෛල විනාශ වීමක් නිසා එහි ජීරණ කාරක නිදහස් වීම සිදුවේ. එම ජීර්ණ කාරක රුධිරයට එකතුවීම නිසා ඒවා මඟින් ශරීරයේ විවිධ ස්ථාන ජීර්ණය වීම නිසා විනාශ වීමක් සිදුවේ.
එබැවින් එහි බලපෑම මුළු ශරීරයටම සිදුවේ. නමුත් එහි අවසන් ප්‍රතිඵලය කොපමණ දුරට අග්න්‍යාශයට සිදුවන්නේද යන්න මත රදාපවතී.
දින කිහිපයකදී යථා තත්වයට පත්වීම, අග්න්‍යාශය විනාශ වී සැරව එකතු වීම හෝ යථා තත්වයට පත්වුවද නැවත නැවත කැක්කුම ඇතිවීමද විය හැක.
වහාම රෝහලකට ඇතුළත් විය යුතුය. රෝහලේදී රෝග නිශ්චය සඳහා රුධිර පරීක්ෂණ කරනු ලබයි.
මීට අමතරව
- ආහාර පාන ගැනීමට ඉඩනොදේ.
- සේලයින් ලබාදීම.
- කැක්කුමට ඖෂධ ලබාදීම මූලිකවම සිදුකරන අතර බොහෝවිට වෙනයම් ප්‍රතිකාර ක්‍රමයක් නැතිවම දින 2-3ට පසුව රෝගී තත්වය සුව අතට හැරේ.
නමුත් සමහර රෝගීන්ගේ තත්වය භයානක වන අතර දැඩි සත්කාර ඒකකයේදී ප්‍රථිකාර කිරීමට පවා සිදුවේ. සැරව එකතුවීම වැනි අවස්ථාවලදී ශල්‍යකර්ම කිරීමද අවශ්‍ය විය හැක.
ශ්‍රී ලංකාවේ මෙම තත්වය 80% පමණ සිදුවන්නේ මධ්‍යසාර වලිනි. එබැවින් මධ්‍යසාර වලින් ඈත්වීම ඇති හොඳම වලක්වාගැනීමේ ක්‍රමයයි.
මීට අමතරව කම්මුල්ගාය වැනි රෝග තත්වයන් හට ළමා කාලයේදී ලබාදෙන එන්නත් ලබාදීමෙන් එම වෛරස් රෝගය නිසා ඇතිවන අග්න්‍යාශයේ ආසාදිත තත්වයන් වලක්වාගත හැක.
රුධිරයේ මේද ගතිය (කොලෙස්ටරෝල්) වැඩිනම් ඒවාට ප්‍රථිකාර ගැනීම. (මූලික අවස්ථාවේදීම) හා ආහාර පාලනය මඟින් එවැනි තත්වයන් දිගටම ඇතිවීම වලක්වා ගැනීම.
ශ්‍රී ලංකාවේ බොහොමයක් රෝගීන්, බොහෝ විට දීර්ඝ කාලීනව මධ්‍යසාර භාවිතා කිරීම නිසා මෙවැනි තත්වයන්ට ගොදුරු විය හැක.
උදරයේ ඉහළ ප්‍රදේශයේ එන වේදනාව පිටකොන්ද දෙසට ව්‍යාප්ත වීමද සිදුවන අතර දවස පුරාවටම එකම ආකාරයේ කැක්කුමක් ලෙස පැවතිය හැක. එම නිසා බෙහෝ විට එවැනි රෝගීන්ගේ දෛනික කටයුතු පවා අඩපන වීමද සිදුවේ.
මෙම තත්වය පාලනය කිරීමට වෛද්‍යවරයා විසින් වේදනා නාශක නියම කරනු ලබන අතර මුලදී එහි ප්‍රභලතාව අඩු ඖෂධ භාවිතා කරයි. ක්‍රමයෙන් පවතින කැක්කුම අනුව ප්‍රභලතාවයෙන් වැඩි ඖෂධ නියම කරයි.
සමහර රෝගීන් හට මෙම ඖෂධ වලින්ද කැක්කුම අඩුනොවන අතර, විවිධ ක්‍රම වලින් අග්න්‍යාශය ආශ්‍රිතව ඇති සංවේදක ස්නායු විනාශ කිරීම හෝ අවසාන වශයෙන් ශල්‍යකර්ම කිරීම පවා අවශ්‍ය විය හැක.