එම කාල සීමාව තුල ඊස්ට‍්‍රජන් හෝමෝනය රුධිරයේ වැඩි ප‍්‍රමාණයක් ඇති අතර එහි බලපෑම මත පියයුරු වල ඇති ග්‍රන්ථිමය කොටස්ද විශාලවීමක් සිදුවේ. එහිදී ඇතුලත ඇතිවන තෙරපීම නිසා වේදනාව හටගනී. මෙම වේදනාව ඉතා සුළු ප‍්‍රමාණවල සිට දරගැනීමට අපහසු තරමේ වේදනාවක් විය හැක.
සාමාන්‍යයෙන් මාස්ශුද්ධිය වූ වහාම හෝ ඉන්පසු දින 2-3 කදී එම වේදනාව පහව යයි.
ඇතිවන කැක්කුම අවම කිරීම සඳහා
- තෙල් අධික ආහාර ගැනීමෙන් වැලකීම.
- කැෆේන් අධික ආහාර පාන ගැනීම අවම කිරීම.
- ලූනු ආහාරයට ගන්නා ප‍්‍රමාණය මාස්ශුද්ධිය වීමට ආසන්න සතියක කාලය තුල අවම කිරීම.
- දිනපතා හොඳින් ව්‍යායාම කිරීම.
- හොඳින් පියයුරු හිරවී සිටින ආකාරයේ බ‍්‍රසියර් එකක් පැලදීම. (දිවා කාලයේ මෙන්ම රාත‍්‍රී කාලයේදීද) මඟින්ද කැක්කුම ඇතිවන ප‍්‍රමාණය අවම කලහැක.
⋆ විටමින් වර්ග ගැනීම මඟින් මෙම කැක්කුම අඩුකිරීම කෙරෙහි කරනු ලබන බලපෑම නිශ්චිත වශයෙන් හඳුනාගෙන නැත.